බොලිවුඩයේ සුපිරි නළු නිළියන් නත්තල් සැමරු හැටි - (Photos)

පි‍්‍රයංකා සහ නික් ජෝනාස් විවාහක යුවළක් ලෙසින් සැමරූ ප‍්‍රථම නත්තල බොහෝ පී‍්‍රතිමත් වූයේය. නත්තල් භෝජනය ස`දහා නව යුවල, නික්ගේ දෙමව්පියන්, සහෝදරයන් සහ ඥාතින් මෙන්ම පි‍්‍රයංකාගේ මව ද එක් වී සිටින ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර තිබුණේ  මගේ පවුලේ අයගෙන් නත්තල් සුබ පැතුම් යන ස`දහනත් සමගය.
26 හැවිරිදි නික් සහ 36 හැවිරිදි පි‍්‍රයංකා විවාහයෙන් අනතුරුව  සාද තුනක්ම පැවැත්වුහ. දිල්ලියේ පැවැත්වූ සාදයට ඉන්දියාවේ අගමැති ද සහභාගි වූයේය. හොලිවුඞ් මිතුරමිතුරියන් වෙනුවෙන් ජනවාරි මාසයේදී සාදයක් පවත්වන්නට ඔවුහු අදහස් කරගෙන සිටිති.

මේ අතර පසුගියදා ඨූ සගරාව විසින් ලෝකයේ ජේත්තුකාරම මිනිසා කිරුළ නික්ට පිරිනමනු ලැබිණි. නික්ගේ කම්මුල සිප ගන්නා ඡායාරූපයක් පි‍්‍රයංකා අන්තර්ජාලයට එක් කර තිබුණේ මේ සටහනත් සම`ගය.

‘‘ලෝකයේ ජේත්තුකාරම මිනිසා සිප ගැනීමේ ගෞරවය ලදිමි..’’


 කපූර් පවුලේ සුහද හමුව

බොලිවුඩයේ ප‍්‍රබලම පවුල කපූර් පවුලයයි හැදින්වීමේ වරදක් නැත. පවුලේ සාමාජිකයන් අතර ඇත්තේත් අපූරු බැ`දිමකි. ඒ බැ`දීම්වලට ගරු කරන්නට ඔවුන් කවදාවත් පැකිළෙන්නේ නැත. හැම නත්තලකදිම කපූර් පවුලේ සාමාජිකයෝ සියලූ දෙනාම එක් වී සාදයක් පවත්වති. මෙය වසර ගණනාවක් පුරාම පැවත එන පවුලේ සම්ප‍්‍රදායකි.

මෙවර සාදය සංවිධානය කර තිබුණේ ශෂී කපූර් ගේ පුතු වන කුනාල් කපූර් සහ දියණිය සංජනා කපූර් සහ ඔවුන් ගේ දරුවන් විසින් ඔවුන්ගේ නිවසේය. 2017 දී ශෂී කපූර් මිය ගියේය. පවුලේ ප‍්‍රමුඛතම සාමාජිකාව වූ කි‍්‍රෂ්ණා රාජ් කපූර් ද පසුගියදා මිය ගියාය. එම නිසා මෙවර ඔවුන්ගේ තැන් හිස් වීම පිළිබ`ද කණගාටුව හැම සාමාජිකයෙකුගේම සිත් තුළ තිබිණි. එහෙත් පවුල් සම්ප‍්‍රදාය නොකඩවා පවත්වාගෙන යා යුතු බව සියල්ලන්ගේම අදහස විය.

ආර්. කේ චිත‍්‍රපටි නිෂ්පාදන ආයතනයේ හිමිකරු වන රිෂි කපූර් මේ වන විට වෛද්‍ය ප‍්‍රතිකාර ගැනිම ස`දහා ඇමෙරිකාවට ගොස් සිටින්නේය. එහෙත් ඔහු ද කියා ඇත්තේ සම්ප‍්‍රදාය නොකඩවා පවත්වාගෙන යා යුතු බවය.

‘‘මේක පටන් ගත්තෙ අපේ තාත්තා.. එයා කිව්වෙ මොන දේ සිද්ද වුණත්  පවුල් හමුව ඒ විදියටම පවත්වාගෙන යන්න කියලා.. ජිවිතේ ඔහොම තමයි.. එනවා.. යනවා.. ඒ හින්දා චාරිත‍්‍ර වාරිත‍්‍ර වෙනස් කරන්න පුළුවන්කමක් නෑ.. තාත්තා නැති වුණත් අපි මේ පවුල් හමුව දශක ගණනාවක් පවත්වාගෙන ආවා.. මේ අවුරුද්දෙත් ඒ විදියටම පවත්වන්න අපි කටයුතු කළා.. ගිය අවුරුද්දෙ ශෂී බාප්පා නැති වුණා.. මේ අවුරුද්දෙ අපේ අම්මා නැති වුණා..  රිෂියි නීතුයි දෙන්නටත් මේ සැරේ එන්න බැරි වුණා.. මේ වගේ ම`ග හැරීම් ගොඩාක් සිද්ද වෙන්න පුළුවන්.. ඒත් අපෙන් පස්සෙ පරම්පරාවත් මේ චාරිත‍්‍ර ඒ විදියටම ඉෂ්ට කරන්න  ඕන.. ඒකට තමයි මේ අත්දැකීම් ලබා දෙන්නෙ.. ඇත්තටම පවුලක බැ`දීම තරම් ශක්තියක් කාටවත් කොහෙවත් නෑ.. සතුට, දුක හැම එකක්ම අපි එකටම වි`දින්න  ඕන.. එහෙමයි අපිට වැඩිහිටියෝ උගන්නලා තියෙන්නෙ..’’

රන්ධීර් කපූර් එලෙස පැවසුවේ හැගුම්බර හඩිනි.






 සල්මන් ඛාන්ගෙන් නැටුම්

ඉස්ලාම් භක්තිකයෙකු වුවත් සල්මන් ඛාන් ද නත්තල් සාදයක් සංවිධානය කර තිබිණි. ඔහු සිය සොයුරු සොයුරියන්, ක්ෂේත‍්‍රයේ මිතුරුමිතුරියන් ඇතුළු බොහෝ දෙනෙකු මෙම සාදයට කැදවා තිබිණි.

එහිදී ඔහුගේ සොහොයුරු සොහොයුරියන් වූ අර්බාස් ඛාන්, සොහාලි ඛාන්, අල්විරා අග්නිහෝති හා අර්පිතා ඛාන් ෂර්මා බොහෝ පී‍්‍රතියෙන් කාලය ගත කළහ. එහිදී සල්මාන්, අර්බාස් හා සොහාලි එකතුව ඉදිරිපත් කළ නැටුම කාගෙත් සිත් ඇද ගන්නට සමත් විය.

කරන් ජොහාර් ද මෙම සාදයට සහභාගී වී සිටියේය. ඔහු පැමිණ සිටියේ ඔහුගේ නිවුන් දරු දෙදෙනාත් සම`ගමයි. ඔවුන් දෙදෙනාට වැඩි දෙනෙකුගේ අවධානය යොමු ව තිබිණි.







අයිශ්වර්යා රායි පිළිකා රෝගීන් සමග

බොලිවුඩයේ ජනපි‍්‍රය තරු පැවැත්වූ නත්තල් සාද හා ඔවුන් සහභාගී වූ නත්තල් සාද අතරේ අයිශ්වර්යා රායි  රෝහලකට ගොස් සිටියාය.

ටාටා මෙමොරියල් රෝහලේ වාර්ෂික විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන අමුත්තිය වශයෙන් ආරාධනා ලැබ සිටියේ අයිශ්වර්යා රායිය. කවදත් සමාජ කටයුතුවලදී මුල් තැන ගන්නා ඇය එම අවස්ථාවට සහභාගී වී සිටියේ බොහෝ කැමැත්තෙනි.

ඇය රෝහලේ සිටි පිළිකා රෝගීන් සම`ග කාලය ගත කරන්නට ද අමතක නොකළාය. ඇය සිය නත්තල සැමරුවේ ඔවුන් සම`ගයි.

පිළිකා රෝගයෙන් පෙලූණු කුඩා දරුවන් කෙරෙහි ඇය වැඩි අවධානයක් යොමු කළාය. ඔවුන් සියලූ දෙනා අයිශ්වර්යා සම`ග ගත කළේ සතුටින් පිරි කාලයකි.