ෂාරුක් ඛාන්ගේ පුතණුවන් සැබෑ ජිවිතයේ පෙම්වතිය එක්ක සිනමාවට එක් වෙයි

බොලිවුඩයේ ‘කිං ඛාන්’ හෙවත් ෂාරුක් ඛාන්ගේ වැඩිමහල් පුත් ආර්යන් ඛාන් බොලිවුඩ් සිනමාවට පිවිසිමේ සූදානමකින් පසුවෙන බව වාර්තා කරනවා.

ඒ ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ හා නිෂ්පාදක කරන් ජෝහර්ගේ චිත්‍රපටයකින් බවයි සඳහන් වෙන්නේ. වාර්තා වන අන්දමට මෙම චිත්‍රපටය ලබන වසරේ මුල් භාගයේදී රූපගත කරන අතර, එය වසර අගදි තිරගත කිරීමට නියමිත බවද සඳහන්.


ආර්යන් සමග මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට තෝරා ගෙන ඇත්තේ මීට මාස කිහිපයකට පෙර මියගිය ශ්‍රී දේවිගේ බාල දියණිය කුෂි කපූර්ය.

පසුගිය දිනවල ආර්යන් හා කුෂි අතර, ප්‍රේම සම්බන්ධයක් පවතින බවටද තොරතුරු වාර්තා වි තිබුණා.