හැංගිමුත්තන් සෙල්ලම් කරන අයුරින් පාසල් ශිෂ්‍යාවට ලිංගික අතවර කළ විවාහක ග‍්‍රාමආරක්ෂකයා අත්අඩංගුවට !

අවුරුදු හතක් වයස දැරියකට බරපතළ ලිංගික අතවරයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඇයගේ බාප්පා කෙනෙකු වන සිවිල් ආරක්ෂක භටයකු පෙරේදා පසුගිය 24දා සෙවනගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිවිල් ආරක්ෂක බලකායේ කතරගම කලාප කාර්යාලයට අනුයුක්තව සේවය කළ 39 හැවිරිදි විවාහකයෙකි.
සැකකාර පුද්ගලයා දැරිය හා දැරියගේ බාලවයස්කාර වැඩිමහල් සහෝදරයකු සමඟ හැංගිමුත්තන් සෙල්ලම් කිරීමට යැයි පවසා දැරිය අසල පිහිටි නිවැසියන් නොමැති නිවසකට කැඳවාගෙන ගොස් බරපතල ලෙස ලිංගික අතවර සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සැකකරු ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇත.
gossip lanka