අනුෂ්කා ගැන පැතිරෙන ආරංචි වලට සැර උත්තරයක්

අනුෂ්කා ශර්මා හා විරාත් කෝලි කියන්නේ ක්‍රිකට් රසිකයන් හා බොලිවුඩ් රසිකයන්ගේත් අවධානය දිනා ගන්නා හරිම ආකර්ෂණීය තරු යුවළක්.


විරාත් - අනුෂ්කා යුවළගේ විවාහ සැමරුමට වඩා තවත් සුබදායී ආරංචියක් ගැන පසුගිය දිනවල කටකතා පැතිරුණා. ඒ අනුෂ්කා පළමු වරට මවක් වන්නට සූදානම් වන බවට පැතිර යන ආරංචියයි. මේ ආරංචිය දැනගත් අනුෂ්කා එයට ලබා දුන්නේ හරිම උපහාසාත්මක පිළිතුරක්.
'ඇත්තෙන්ම මේ කතාව නම් මෝඩ අදහසක්. අපිට විවාහය හංගන්න පුළුවන් වුණත් ගැබිනියක් වීම නම් සමාජයෙන් සඟවන්න බැහැ. රංගන ශිල්පිනියන්ට කොහොමත් මේ වගේ කතාවලට මුහුණ දෙන්නට සිදු වෙනවා. අපි විවාහ වෙන්න කලින් විවාහ වූ බවට ආරංචි පතුරවනවා. මවක් වෙන්නටත් කලින් මවු පදවියක් හිමි වූ බවට කටකතා පතුරවනවා. ඒ නිසා මම ඒ දේවල් ගැන තැකීමක් කරන්නේ නැහැ.

මේ විදියට පැතිරෙන හාස්‍යජනක ආරංචි ගැන මට නම් පුදුමත් හිතෙනවා. මේ දවස්වල මම වැඩි අවධානයක් යොමු කරන්නේ මම භාරගත් නිර්මාණ කිහිපයකටයි. ඒත් එක්කම සාමාන්‍ය ජීවිතයේ වැඩකටයුතුත් සුපුරුදු ආකාරයට කරගෙන යනවා" ඇය කිව්වේ එහෙම.