බොලිවුඩ් නිළි අනුෂ්කා ගැබිණියක්ද?

ගිය වසරේ දෙසැම්බර් 10 වැනිදා ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සමගින් විවාහ වූ අනුෂ්කා ෂර්මා මේ වනවිට ගැබිණියක්ව සිටින බවට තොරතුරු වාර්තා වේ.

 කෙසේ වෙතත්, අනුෂ්කා තමා ගැබිණියක් බව ප්‍රසිද්ධියේ නොපවසන අතර, මෑතකදී මේ පිළිබඳව විමසු මාධ්‍යවේදියෙකුට පවසා තිබුණේ ගැබිගත් ගැහැණියකට තමන් ගැබිණියක් නම් එය හලිවෙන අතර, සඟවා සිටිමට නොහැකි බවය. එමෙන්ම තමා ගැබිණියක් නම් එය නියමිත කාලයට හැම දෙනාටම ප්‍රසිද්ධ කරන බවත් අනුෂ්කා පවසා තිබුණි.
මේ වසරේ සාර්ථකම සිනමා නිළිය බවට පත්ව සිටින අනුෂ්කා දෙසැම්බර් 21 වැනිදින බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වන ‘සීරෝ’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා මේ දිනවල සම්බන්ධව සිටින බව වාර්තා වේ.