එජාප මන්ත්‍රීට $ මිලියන 3ක්! - බහුතරේ වෙනුවෙන් යෝෂිත ගේමට බැහැලා ද?

හෙට දිනයේ දී බහුතරය පෙන්වීමට කටයුත් කරන්නැයි සිරිසේන-රාජපක්ෂ කඳවුරේ මන්ත්‍රීවරුන් හට පසුගිය දා ජනාධිපතිවරයා දැනුම් දී තිබුණා.

මින් අනතුරුව මන්ත්‍රීවරුන්ට මුදල් ලබා දී බහුතරය සාදා ගැනීමේ වැඩපිළිවෙල යළි ක්‍රියාත්මක වී ඇති බව එජාප මන්ත්‍රී මංගල සමරවීර චෝදනා නගනවා.
ඊයේ උදෑසන එජාප මන්ත්‍රීවරයෙකුට ඩොලර් මිලියන 3ක ලන්සුවක් පැමිණි බවයි ඔහු වැඩිදුරටත් අනාවරණය කරන්නේ.

මෙලෙස අල්ලස් ලබා දී මන්ත්‍රීවරුන්ගේ සහය ගැනීමේ කාර්යයට නායකත්වය ලබා දෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ බව ද ඔහු ප්‍රකාශ කරනවා.

රාජපක්ෂවරුන් සියළු දෙනා පිළිබඳව තමන් ලැජ්ජාවන බවයි මංගල සමරවීර ට්විටර් පණිවිඩයක් ඔස්සේ පවසන්නේ.

මීට පෙර පාලිත රංගේබණ්ඩාර මන්ත්‍රීවරයාට මුදල් ලබා දී ආණ්ඩුවට පැමිණෙන ලෙසට ආරාධනා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ද යෝෂිත රාජපක්ෂ හට චෝදනා එල්ල වූවා.