ලොවටම බලපෑම් කළ හැකි ලාංකික කතුන් දෙදෙනා මෙන්න

ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු ජාත්‍යන්තර ඇගයීමකට ලක්ව තිබෙනවා. ඒ ජාත්‍යන්තර ෆොර්බෙස් සඟරාව සහ BBC ය විසින් සිදුකරනු ලැබූ සමීක්ෂණයකට අනුව තෝරා ගැනීමකට එම කාන්තාවන් දෙදෙනා ඇතුලත් වීමත් සමගයි.

ජාත්‍යන්තර ෆොර්බෙස් සඟරාව විසින් 2019 වර්ෂය සඳහා "විද්‍යා අංශයෙන් අනාගතය වෙනස් කිරීම අවුරුදු 30ට අඩු පුද්ගලයින් 30 දෙනා" යනුවෙන් තෝරා තිබෙන ලැයිස්තුවට ස්ටැන්ෆර්ඩ් විශ්ව
විද්‍යාලයේ පශ්චාත් ආචාර්ය උපාධිය හදාරනු ලබන 28 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණියක් වන හසිනි ජයතිලක නම් කර තිබෙනවා.

ෆොර්බෙස් සඟරාව විසින් හසිනි ජයතිලකව සිය ලැයිස්තුව සඳහා තෝරා ගෙන ඇත්තේ ඇය විසින් පිළිකා සෛල මිනිසෙකුගේ සිරුරේ සංලේෂණය කරන ආකාරය සහ එම මාර්ගය අවහිර කිරීමට හා පාලනය කිරීමට හැකි සංඥා ක්‍රමයක් සොයා ගැනීමත් සමගයි. මෙම ක්‍රමය පිළිකාවට එරෙහිව සිදුකරනු ලබන නවීන චිකිත්සාව සංවර්ධනය කිරීම සඳහා හේතු වී තිබෙනවා.

මේ අතර BBC පුවත් සේවය විසින් වාර්ෂිකව නිකුත් කරන ලෝකය පුරා බලපෑම් කළ හැකි හා අනෙකාව අභිප්‍රේරණය කළ හැකි කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකිකාවක් වන ආශා ඩි වෝස් නම් වී තිබේ. ඇය කාන්තාවන් 100ක් අතරින් 23 වැනි ස්ථානයට පත්ව ඇත. ආශා ඩි වෝස් සාගර විද්‍යාඥවරියක් ලෙස කටයුතු කරනු ලබනවා.