අසල්වැසි තරුණයකු නිවසේ සිටිනු දැක වසර 10ක්‌ ඇසුරු කළ අනියම් සැමියා දෙදරු මවට කළ අපරාධය

අනියම් සැමියා විසින් හිසට පොල්ලකින් පහරදීම නිසා දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් සිටි 45 හැවිරිදි දෙදරු මවක්‌ මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව හතරලියද්ද පොලිසිය පවසයි.

 හතරලියද්ද පොලිස්‌ බල ප්‍රදේශයේ දේදුණුපිටිය පදිංචිව සිටි ඇය, නීත්‍යනුකූල සැමියාගෙන් වෙන්වී දරු දෙදෙනා සමග ජීවත් වෙමින් රූපලාවන්‍ය
මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත.

 ඉකුත් 01 වැනිදා ඇයගේ 45 වැනි උපන්දිනය සඳහා වසර 10 ක්‌ පමණ ඇසුරු කළ රඹුක්‌කන ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරිකයකු වන අනියම් සැමියා නිවසට පැමිණ ඇත.

එම අවස්‌ථාවේ අසල්වැසි ගමක වෙසෙන තරුණයකු නිවසේ සිටිනු දැක එම කාන්තාව සමඟ අනියම් සැමියා බහින් බස්‌වී ඇති අතර එය දුරදිග යැමෙන් ඔහු විසින් ගෙහිමි කාන්තාවගේ හිසට පොල්ලකින් පහරදී ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

තුවාල ලත් කාන්තාව හතරලියද්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඇයගේ තත්ත්වය බරපතළ බැවින් වහාම මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරුකර යවා ඇත.

පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ගලගෙදර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අයි.ජී.ඩී. ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලදී.

මේ සම්බන්ධයෙන් හතරලියද්ද පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. දේශබන්දු සේනාරත්න මහතාගේ උපදෙස්‌ පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති ජී.ජී.එස්‌. ගුණසේකර සහ පො.කො. (57842) සෙනරත් යන අය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.


gossip lanka