මන්දමානසික පනස්‌පස්‌ හැවිරිදි අවිවාහක කාන්තාවකට 32 හැවිරිදි තරුණයෙක් කරපු අහස පොළොව නුහුලන අපරාධය

සිය නිවස අසල කුඩා ගම්මිරිස්‌ වගාවක් කරමින් එයින් සිය ජීවිතය ගැට ගසා ගත් මන්දමානසික පනස්‌පස්‌ හැවිරිදි අවිවාහක කාන්තාවකට බරපතළ ලිංගික අතවර කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි යුද්ධ හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වූ තිස්‌ දෙහැවිරිදි අවිවාහක තරුණයකු නොවැම්බර් මස 13 වැනිදා දක්‌වා තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස වලපනේ දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් එස්‌. එල්. එම්. විඡේසිංහ මහතා 30 දා නියෝග කළා.

රක්‌ෂිත බන්ධනාගාරගත කළ මොහු ඩී. එන්. ඒ.
පරීක්‌ෂණයක්‌ සඳහා ලේ සාම්පලයක්‌ ලබා ගැනීමට බන්ධනාගාරය මගින් නුවරඑළිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත 31 දා යොමු කරන ලෙසට ද නියෝග කර තිබෙනවා.

සැකකරු වලපනේ මඩුල්ල වත්තේගෙදර පදිංචි අයෙක් බවයි සඳහන් වන්නේ.‍

මඩුල්ල දෙමටරාව ප්‍රදේශයේ සිය නිවසේ හුදකලාව ජීවත් වෙමින් සිටි බව කියන මෙම මන්දමානසික අවිවාහක කාන්තාව දහවල් කාලයේ සිය නිවසේ සිටින අවස්‌ථාවකදී නිවසට පැමිණ ඇති සැකකරු බීමට වතුර ඉල්ලා තිබෙනවා..

එහිදී ඇය පමණක්‌ තනියම නිවසේ ජීවත් වන බව අවබෝධ කරගෙන පසු දිනක රාත්‍රි හතයි තිහට පමණ ඇය තනියම නිදා ගෙන සිටියදී නිවසේ ජනේලයක්‌ කඩා නිවසට ඇතුළු වී බලහත්කාරයෙන් ඇයට අතවර කර ඇති බවයි පැවසෙන්නේ.

පසුදා ඇය ඥතීන්ට මේ බව කියා තෙරිපැහැ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

තරුණයා අත්අඩංගුවට ගෙන වලපනේ දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් එස්‌. එල්. එම්. විඡේසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්‌ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

ඔහු පසුගිය 30 වනදා නැවත වලපනේ දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් එස්‌. එල්. එම්. විඡේසිංහ මහතා වෙත ඉදිරිපත් කෙරුණා. එහිදී පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි තෙරිපැහැ පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල්වරයා (62247) සමඟ උප පොලිස්‌ පරීක්‌ෂක බෙලිගොල්ල මහතා මෙම බරපතළ ලිංගික අතවරයට පත් වූ කාන්තාව නුවරඑළිය රෝහලේ තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බැවින් වෛද්‍ය වාර්තාව ලැබෙන තුරු සැකකරු නොවැම්බර් මස 13 වැනිදා දක්‌වා තවදුරටත් රක්‌ෂිත බන්ධානාගාරගත කරන ලෙස ඉල්ලා සිටීමෙන් පසු අධිකරණයෙන් ඊට අවසර ලැබුණා.

වලපනේ සහකාර පොලිස්‌ අධිකාරි අනුරුද්ධ බණ්‌ඩාරනායක මහතාගේ අධීක්‌ෂණය යටතේ තෙරිපැහැ පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක නිශාන්ත විඡේරත්න මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‌ෂක බෙලිගොල්ල, පොලිස්‌ කොස්‌තාපල් (62247) හේරත්, පොලිස්‌ කොස්‌තාපල් (82485) බුද්ධික, කාන්තා පොලිස්‌ කොස්‌තාපල් (8111) රංජනි යන නිලධාරීහු වැඩිදුරටත් පරීක්‌ෂණ පවත්වනවා.
වලපනේ - අරුණ ඩයස්‌

gossip lanka