පෝය දා රෑ මෙහෙණින් වහන්සේ නමක් කාමයෙන් මත් වූ පාපතරයෙකුගේ ගොදුරක් වූ හැටි

වේයන්ගොඩ කැන්දලන්ද ප්‍රදේශයේ මෙහෙණි ආරාමයකට ඇතුල් වී එහි සිටි සිල්මෑණි කෙනෙකු දූෂණය කළ පුද්ගලයකු 22 දා රාත්‍රියේ වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරු එම ආරාමය අසලම පදිංචි 28 හැවිරිදි එරික්‌ කුමාරසිංහ නමැති හිටපු හමුදා සෙබළෙකු බවත් ඔහු විවාහකයෙකු බවත් බිරිඳ විදේශගතව සිටින බවත් පොලිස්‌ පරීක්‌ෂණවලදී
හෙළිවී තිාබනවා.

අතවරයට ලක්‌වූ සිල් මෑණියන් සැකකරුගේ නිවස ආසන්නයේ ඇති ආරාමයේ වැඩ වසන බවත්, පනස්‌ තුන් හැවිරිදි (53) ඇය තනිව සිටියදී 22 දා රාත්‍රියේ එහි ඇතුළු වූ සැකකරු පිහියක්‌ පෙන්වා බියගන්වා තමන්ව දූෂණය කළ බවත් පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

පොලිසිය විසින් සිල් මෑණියන්ව වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර පරීක්‌ෂණ සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිස්‌ නිලධාරීන් වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.