සුපිරි පිතිකරු කෝලි ගැන මුල් ගුරුවරයා කියපු කතාව

ලෝකයේ අංක එකේ පිතිකරුවා වන කොලිගේ 30 වන උපන්දිනය ඊයේ යෙදී තිබුණා.

කොලිගේ මුල්ම ක්‍රිකට් ගුරුවරයා වන රාජ්කුමාර් ශර්මා පසුගියදා මාධ්‍යට පවසා තිබෙන්නේ පාසල් අවදියේ පටන් කෝලි ක්‍රිකට් වෙත දැක්වූ උනන්දුව සහ කැපවීම මේ වන විට ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් තරුවක් බවට පත්කර හමාර බවයි.

එමෙන්ම මෙවැනි දරුවෙක් ලොවට තෑගි කිරීම පිලිබදව ඔහු දෙවියන්ට සැබවින්ම ස්තුති වන බව
එහිදී කියා තිබෙනවා . පසුගියදා විරාට් කෝලි ලෝක වාර්තා පොතට එකතු වුනේ එක්දින තරංග තුල වේගයෙන්ම ලකුණු 10000 වෙත ගිය ක්‍රීඩකය ලෙසින්.

ඔහු මේ වනවිට ටෙස්ට් තරඟ 73කට සහභාගී වී ශතක 24ක් ලබා තිබෙනවා එමෙන්ම ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ගත ශතක ප්‍රමාණය 62ක්.


gossip lanka