අතුරු තහනම් නියෝගයෙන් පසු එජාප පාක්ෂිකයන් වියරු වැටෙයි - මහ රෑ නගර වලට පැන ගිනි තබයි! (PHOTOS)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දින (14) තීරණය කළේය.

මෙම තීරණයත් සමග ප්‍රමෝදයට පත් ඇතැම් නගරවල එක්සත් ජාතික පාක්ෂිකයන් රාත්‍රීයේදීම නගරයන්ට කඩා පැන කලහකාරී ලෙස හැසිරී
තිබෙන බව වාර්තා වේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වමින් එම නගරයන්හී සවිකර තිබූ දැන්වීම්, බැනර් ආදිය කඩා දමමින් සහ ගිනි තබමින් එම පාක්ෂිකයන් නගරයන්හි සැරිසරමින් සිට තිබේ. කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් වාර්තා වූ පසූ නගරයන්හි ආරක්ෂාව සහතික කර මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට ජනපතිවරයා ආරක්ෂක අංශයන්ට දන්වා ඇතැයි වාර්තා වේ.

එම අවස්තාවන්හී ඡායාරූප කිහිපයක් පහතින්,