හිමිකරු තහනම් ඇසුරේ කිමිදෙද්දී - ලක්ෂ හතරහමාරේ යතුරුපැදියට ගිනි තියලා

උහන් ඕවිට ප‍්‍රදේශයේ ඥති කාන්තාවක් සමග අනියම් පේ‍්‍රම සම්බන්ධවක් පවත්වාගෙන යන අතර එම කාන්තාවගේ නිවසේ රාත‍්‍රිය ගත කරන අතරතුර ඊට විරුද්ධ පුද්ගලයකු යතුරුපැදියට ගිනි තබා ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. යතුරුපැදියට ගිනි තැබු පුද්ගලයා කාන්තාවට අනියම් ඇසුරක් සඳහා ආරාධනා කර ඇති බව පවසන පොලිසිය කාන්තාව එය ප‍්‍රතික්ෂේප කිරීම නිසා
යතුරුපැදියට ගිනි තබා ඇති බවට පොලිසියට කර පැමිණිල්ලේ සඳහන් කර ඇත.

පිටිගල පොලිස් වසමේ උහන් ඕවිට ප‍්‍රදේශයේ නිවසක නවතා තිබු යතුරුපැදියක් ගිනි තබා පසුගියදා(02) අළුයම විනාශ කර ඇති බව පිටිගල පොලිසිය පවසයි.

මීගහතැන්න පොලිස් වසමට අයත් මිරිස්වත්ත ප‍්‍රදේශයේ පුද්ගලයකුට අයත් යතුරුපැදියක් මෙලෙස ගිනි තබා විනාශ කර ඇති බව පොලිසිය කීය. ගිනි තබා විනාශ කරන ලද හොන්ඩා හොනට් වර්ගයේ යතුරුපැදිය රැ.445000/=ක් පමණ වටිනා එකක් බව පොලිසිය පැවැසීය.

මොහු උහන් ඕවිට ප‍්‍රදේශයේ ඥති කාන්තාවක් සමග අනියම් පේ‍්‍රම සම්බන්ධවක් පවත්වාගෙන යන අතර එම කාන්තාවගේ නිවසේ රාත‍්‍රිය ගත කරන අතරතුර ඊට විරුද්ධ පුද්ගලයකු යතුරුපැදියට ගිනි තබා ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. යතුරුපැදියට ගිනි තැබු පුද්ගලයා කාන්තාවට අනියම් ඇසුරක් සඳහා ආරාධනා කර ඇති බව පවසන පොලිසිය කාන්තාව එය ප‍්‍රතික්ෂේප කිරීම නිසා යතුරුපැදියට ගිනි තබා ඇති බවට පොලිසියට කර පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ නිල සුනඛ ඒකකයේ තාරා (1279) යොදවා විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමේ දී යතුරුපැදිය ගිනි තබා තිබු නිවස ඉදිරිපිට නිවසට තාරා කිහිප වතාවක් ගොස් ඇත. එහිදී එම නිවස අසල තිබී ගිනි තැබීමට යොදා ගත් බවට සැක කරන භුමිතෙල් බෝතලක් පොලිසිය සොයා ගෙන ඇත. යතුරුපැදියට ගිනි තැබීම සම්බන්ධයෙන් ඇල්පිටිය සොකෝ විමර්ශන නිලධාරීන් ද පැමිණ විශේෂ විමර්ශනයක් සිදු කෙරිණ.

මේ සම්බන්ධයෙන් පිටිගල පොලිස්ථානාධිපති පො.ප.නිශාන්ත හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත පො.සැ.වරුන් වන ශාන්තලාල් (2414) ධම්මික (7885) ප‍්‍රියන්ත (45330) සුනිල් (24091) පො.කො.උදය කුමාර (78000) යන අය පරීක්ෂණ සිදු කරති.

- දිවයින


gossip lanka