අරලියගහ මන්දිරය පෙම්යුවලවල් පෙම් කෙලින්න යන අම්බලමක් වෙලාද?

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්පත් කරගෙන සිටින අගමැති නිල නිවාසය වන අරලියගහ මන්දිරයේ මේ වන විට රැඳී සිටින්නේ 15කට 20කට අඩු ප්‍රමාණයක් බව ඒ තුළින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

නමුත් දහවල් හා රාත‍්‍රී කෑම පාර්සල් 100-150ක් පමණ ගෙනෙන නිසා එම අවස්ථාවන්හිදී යම් පිරිසක් ඒ තුළට පැමිණෙන බවත් කෑම පාර්සල් ලබාගෙන
සුළු වේලාවකින් ඔවුන් පිටව යන බවත් එම ආරංචි මාර්ග කියයි.

එහි පිරිසුදු කිරීම් කටයුතු සදහා පිරිසුදු කිරීමේ කණ්ඩායමක් යොදවා ඇති නමුත් අරලියගහ මැදුර අගමැති නොගැලපෙන අපිරිසිදු තත්ත්වයෙන් පවතින බවද වාර්තා වෙයි. මේ වන විටත් එහි විදුලිය සහ ජලය රජය විසින් ලබා දෙමින් තිබේ.

මේ අතර වාර්තා වන්නේ දැනට නිතර එහි යන එන මන්ත‍්‍රීවරුන් වන්නේ අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, ලක්ෂ්මන් කිරිඇල්ල හා රංග බණ්ඩාර යන පිරිස බවයි.

අනිත් මන්ත්‍රීවරුන් සිය ආසනවල මෙන්නම වෙනත් කටයුතු සදහා ගොස් ඉඩක් ලදොත් අරලිගහ මන්දිරයට පැමිණෙන බවත් මාධ්‍ය සාකච්ඡා සඳහා පැමිණෙන මන්ත්‍රීවරුන්ද ටික වෙලාවකින් ඉන් පිටත්ව යන බව සඳහන්ය.

නිසි ආරක්‍ෂක වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක නොවන නිසා තරුණ පෙම් යුවලවල් ඉදහිට එහි පැමිණ කාලය ගත කරන්නේ යයිද වාර්තා වෙයි.