බොලිවුඩයේ සුපිරි නිලියක් වූ සුස්මිතා ළාබාල තරුණයෙක් එක්ක පෙමක පැටලෙයි - Photos

සුෂ්මිතා සෙන් කියන්නේ බොලිවුඩයේ ඉන්න සරාගී නිළියන්ගෙන් එක්කෙනෙක්. 43 වැනි වියෙහි පසුවන සුස්මිතා මිස් යුනිවර්ස් කිරුළු දිනා ගන්න වර්ෂ 1994 සමත් වෙනවා. ඒ වෙනකොට ඇයගේ වයස අවුරුදු 18 යි. එතැනින් එහාට බොලිවුඩයේ සිනමාව තුල විවිධ චරිත ආක්‍රමණය කරගන්න ඇය සමත් වෙනවා. කොහොම නමුත් පසුගිය කාලය පුරාවටම නිහඩව හිටපු සුස්මිතා ගැන දැන් විවිධ කතා පැතිරෙන්න පටන් අරගෙන. ඒ අවුරුදු 18 ක හා අවුරුදු 8ක
දියණියන් දෙදෙනෙක් ඉන්න සුස්මිතා ඇයට වඩා වසර කිහිපයක් බාල තරුණයෙක් විවාහ වෙන්න සුදානම් වෙන නිසා.

ඒ තමයි බොලිවුඩයේ නිරූපනයට  මෑතකදී එකතු වූ rohman shawl. ඔහු තමයි ඇයගේ අලුත්ම පෙම්වතා වෙන්නේ. ඇයගේ 43 වැනි උපන්දිනය යෙදී තිබුනේ පසුගිය 19 වැනිදා. ඒ වෙනුවෙන් විශේෂ සාදයක් පවත්වන්නත් ඔහු කටයුතු කරලා තිබෙනවා. ටික කාලයක් රහසිගතව තිබුණු මේ ප්‍රේම සම්බන්ධය මේ වෙනකොට බොහෝ දෙනෙක් දන්න පුවතක් බවට පත් වෙලා. කාලයක් සල්මන් ඛාන්ගේ පෙම්වතිය වූ සුස්මිතා විවාහ නොවී දරුවන් හදාගත් ආදරණිය මවක් කියලත් මතක් කරන්න අවශ්‍යයි. ඇය ආදරණිය පෙම්වතා එක්ක ලබන වසරේ විවාහ වෙන්න සියල්ල සුදානම් කියලත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.