අහම්බෙන් මුහුණු පොතේ ඇස ගැටුණු මේ අපූරු දුම්රිය නැවතුම්පොළ මහයියාවේ විශේෂත්වය තමයි මේ විදිහට දුම්රිය පොළ අලංකාර කරන්නේ දුම්රිය ස්ථානාධිපතිවරයාමයි ඔහු නමින් ඉන්දික කුමාරසිංහ ඉන්දිකගේ පුද්ගලික වියදමින් මේ සිදු කරන අපුරු වැඩේ ගැන මුහුණු පොතේ කෙනෙක් සටහන් කරලා
තිබුණා
එම සටහන් පහතින්
මෙහෙම මිනිස්සු තමයි රටට අවශ්‍ය මේ මහයියාව දුම්රිය ස්ථානය දැන් තියෙන තත්ත්වය මෙච්චර ලස්සනට මේක තියාගන්නේ මහන්සිවෙන්නේ මේ ස්ටේෂන් මාස්ටර්ගේ කැපවීමෙන් ඔහු නමින් ඉන්දික කුමාරසිංහ මාධ්‍ය ගැන හසල දැනුමත් ඇති පුද්ගලයෙක් (ශ්‍රී ලංකා ජනමාධ්‍ය විදුහලේ ආදි සිසුවෙක්) මාධ්‍ය කියන්නේ සිව්වෙනි ආණ්ඩුවනි මුර බල්ලාගේ කාර්යනි කරන්නේ
ඔව් ඔහු ඒ කාර්ය හොදට කරනවා කියලා මට හිතෙනවා මේ පින්තුර දකින විට මේ දේවල් ඔහු කරලා තියෙන්නේ තමන්ගේ පුද්ගලික වියදමින් ඒකයි අපි මේ දේවල් අගයන්න ඕනේ රජයේ මුදල් හොරාකන සමාජයක් ජීවත් වන වට පිටාවක තමන්ගේ විදමින් කාටත් අතනොපා මෙච්චර ලස්සනට පිරිසිදුවට තමන් වැඩ කරන ස්ථානය තබාගන්නවාට මේ රාජ්‍ය නිලධාරියාව අපි අගයන්න ඕනා
තම පුද්ගලික වියදමින් දුම්රිය නැවතුම්පොළ අලංකාරවත් කරන මහයියාව ස්ථානාධිපතිවරයාගේ කතාව
2018-11-20T20:57:00-08:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
slide|