ඇනවුම් කල විට නිවසටම ගණිකාවන් සපයන සීදුවේ අමුතු ජාවාරමේ රූමත් ගණිකාවන්ට වෙච්ච දේ

ව්‍යාපාර කාලයෙන් කාලයට අලුත් වනවා. ඒ පාරිබෝගික අවශ්‍යතා සහ වෙළඳ උපක්‍රම අනුවයි. මෙසේ පැරණි ව්‍යාපාරයක් අලුත් ආකාරයට කල පිරිසක් අන්තිමට නැවතුනේ පොලිසියේ. මේ ය නිකම්ම අය නොවෙයි, ලැබෙන දුරකථන අංකයට අනුව ඉල්ලුම්කරුගේ නිවසට හෝ අවශ්‍ය ස්ථානයට ගණිකාවන් සපයන තැරව්කාර ව්යාපාරිකයින්ය.

ඇණවුම් කළ විට ත්‍රිරෝද රථ මගින් මුදලට
ගණිකාවන් සැපයීමේ සංවිධානාත්මක ජාවාරමක්‌ පවත්වා ගෙන ගිය එම ව්‍යාපාරයේ කළමනාකරු සහ මුදලට විකිණීම සඳහා සූදානම් කර තිබූ රූමත් ගණිකාවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා ඇතුළු එම ඒකකයේ නිලධාරීන් 13 දා සමත් වූහ.

මෙම සංවිධානාත්මක ජාවාරම පවත්වාගෙන ගොස්‌ ඇත්තේ (මූලස්‌ථානය) සීදුව ප්‍රදේශයෙහිය. එම ආයතනය මගින් සපයනු ලබන ගණිකාවකට රුපියල් 3500 ක්‌ ගෙවිය යුතුය. මෙම ජාවාරම දුරකථන මගින් ඉතා සංවිධානාත්මකව සිදුකර ඇති අතර මුදල් ගෙවා දුරකථන ඇනවුම් ලබාදුන් විට ආයතනය මගින් සළෙළුන්ට අවශ්‍ය ස්‌ථානයට තෝරාගත් ගණිකාවන් සැපයීම සිදුකරයි.

මෙම ජාවාරම පවත්වාගෙන යැම සම්බන්ධයෙන් සීදුව රාජපක්‍ෂ පුරයේ පදිංචි චමින්ද අප්පුහාමි (43) නමැත්තෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ලාබාල රූමත් ගණිකාවන් දෙදෙනා සීදුව සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකාරියන්ය. ඔවුන් 18 වන වියෙහි පසුවෙති.

මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි චන්දන අතුකෝරාළ මහතාගේ අධීක්‍ෂණය මත මීගමුව අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා වැටලීම මෙහෙය වීය. පො.කො. (31877) චතුරංග, පො.කො. (37928) වන්නිනායක,

පො.කො. (82442) පෙරේරා, පො.කො. (82756) ගයාන්, පො.කො. (88441) හපුවිට, පො.කො. (80931) රොහාන් සහ කාන්තා පොලිස්‌ සැරයන් (6725) අනුලා යන නිලධාරීහු වැටලීමට සහභාගී වූහ.