හය වසරේ සිසුවියගේ ළැම පිරිමදිමින් සිප වැළඳගත් ගුරුවරයාට අත්වූ ඉරණම

අවුරුදු එකොළහක්‌ වයසැති හයවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට අතවර කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පෙරේදා (29 දා) බඩල්කුඹුර පොලිසිය මගින් පනස්‌නව හැවිරිදි ගුරුවරයකු අත්අඩංගුවට ගෙන ඇත.

 හෙතෙම තම පාසලේ හයවන ශේ්‍රණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්‌ පන්ති කාමරයට කැඳවා ගෙන ගොස්‌ ළැම පෙදෙස පිරිමදිමින් සිප වැළඳගෙන ඇති
බව පොලිසිය සිදු කළ පරීක්‌ෂණවලදී අනාවරණය වී තිබේ.

දැරිය වෛද්‍ය පරීක්‌ෂණයක්‌ සඳහා මහ රෝහලට ඇතුළත් කර ඇත. සැකකරු ඊයේ (30 දා) මොනරාගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. බඩල්කුඹුර පොලිස්‌ ස්‌ථානාධිපති ජානක රත්නසිරි මහතා පරීක්‌ෂණ පවත්වයි.



gossip lanka