ඝාතන ශතකයට ආසන්නව තිබියෙදී පොලිසියට කොටු වූ ඇමරිකාවම හෙල්ලූ මිනීමරුවා උසාවියේදී වැමාරූ ඇඟ හිරිවැටෙන කතාව

samuel little කියන්නේ ඇමරිකාවම හෙල්ලූ ප්‍රසිද්ධ මිනිමරුවෙක්. දශක දෙකක් තිස්සෙ කුලියට මිනි මැරූ මොහු කිසිදු සාක්ෂියක් හසු නොවන විදිහටයි මිනි මරා තිබෙන්නේ. ඒ නිසා ඔහු මිනිමරන්නෙක් කියලා හොයා ගන්න එරට පොලීසියට අවශ්‍ය සාක්ෂි නැති නිසා ඔහු පොලිසියෙන් නිරන්තරයෙන්ම ගැලවෙනවා.

කොහොම නමුත් 2014 වර්ෂයේ කාන්තාවන් හතරදෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට
සිර දඩුවම් නියම වෙනවා. 78 වන වියෙහි පසුවන සැමුවෙල් මේවනවිට ඝාතන 90 ක් සිදු කළ බවත් ඒවා සිදු කළේ කෙසේද යන්නත්  අධිකරණය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා. ඒ පාපොච්චාරණ හේතුවෙන් 1970 සිට 2005 දක්වා සිදු කළ කාන්තා ඝාතනවල සම්බන්ධතා සෙවීමට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ඇමරිකා ඉතිහාසයේ මෙවැනි සිදුවීම් මිට පෙර වාර්තා වී නොමැති බවත් ඇමරිකා රහස් පොලිසිය සදහන් කර තිබෙනවා.

ඝාතන 34 ට මොහු සෘජුවම සම්බන්ධ වී තිබෙන බව ගවේෂණ තොරතුරුවලින් සනාථ වී තිබෙන බවත් වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. ඒ වගේම මොහු කාන්තාවන් ඝාතනය කළ සියල්ල මත්ද්‍රව්‍ය අධික ලෙස ගැනීම, හදිසි අනතුරු හෝ ස්භාවික මරණ ලෙස පොලිසිය මගින් නිගමනය කර තිබෙනවා. එතරම්ම සුක්ෂම ලෙසයි ඔහු ඝාතන සියල්ල සිදු කර ඇත්තේ. ඔහු මේ සියල්ල දැන් පාපොච්චාරණය කරන්නේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය එතරම්ම හොද මට්ටමක නැති නිසා බවත් සදහන් වෙනවා.