"නායකතුමා වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම්" - හමුදා ඇඳුම් ඇඳගත් එජාප පාක්ෂිකයෝ අරලියගහ මන්දිරයේ

නව රජය පත්වීමත් සමඟ ධූරයෙන් ඉවත් කෙරුණු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය නිල නිවසෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව ඔහු ඇතුළු එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල ප්‍රමාණයක් මේ වන විට අරලියගහ මන්දිරයේ රැඳී සිටින බව වාර්තා වේ.

ඒ අතර හමුදා කැලෑ ඇඳුමට (Camouflage) සමාන ඇඳුමින් සැරසුණු පිරිසක් ද ඒ අතර සිටිති. හිටපු අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මෙහෙයවීම යටතේ මෙම කණ්ඩායම මෙහි රැදී සිටින
බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඒෂියන් මිරර් වෙත අදහස් දැක්වූ එජාප ආධාරකරුවෙකු පවසා සිටියේ ඔවුන්ගේ එකම රාජකාරිය වී ඇත්තේ තවමත් නිත්‍යානුකූල අගමැති ලෙස ඔවුන් පිළිගන්නා රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කිරීම බවයි.

"එතුමාගේ ආරක්ෂාව මේ වෙනකොට අයින් කරලා. වෛද්‍ය සේවා මේ වෙනකොට අයින් කරලා. අපිට බයයි කොයි වෙලාවක හරි හමුදාව එහෙමත් නැත්තම් පොලීසිය අරලියගහ මන්දිරයට කඩා පැනලා මේ මන්දිරය අල්ලා ගනී කියලා. ඕනෙම දෙකට අපිත් ලෑස්තියි. අපිව මරලා දැම්මත් අපේ නායකතුමාව අත හරින්නේ නැහැ."

"අපි අපේ නායක තුමා වෙනුවෙන් මැරෙන්න වුණත් ලෑස්තියි. අපි මෙතනට ආවේ අපේ ආරක්ෂාව ගැනවත් හිතන්නේ නැතුව."

පසුගිය යුධ සමයේ හමුදා ඇඳුමට සමාන ඇඳුම් ආරක්ෂක හේතූන් මත තහනම් කර තිබිණි.


gossip lanka