ජනපතිගේ සහ අගමැතිගේ අනුරුව නිර්මාණය කළ මිණී පෙට්ටි පුළුස්සා දමලා!

පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂ විරෝධතා රැළියකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා‍ගේ අනුරු නිර්මාණය කර පුළුස්සා දමන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.

තමන්ගේ දේශපාලන මතය කුමක් වුවත් එම මොහෝතේදී ඔවුන් කළ ක්‍රියාව බොහෝ දෙනෙකු විවේචනය කර තිබුනේ තිස් වසරක කුරිරු යුද්ධය
නිමා කරමින් රටට සාමය උදාකරදුන් රාජ්‍ය නායකයෙකුට මෙලෙස ඉතා පහත් අනදමින් නිග්‍රහ කිරීම ඉතා පිළිකුල් සහගත බව ප්‍රකාශ කරමින්.

එම අවස්ථාවේදී රැස්ව සිටි පිරිස  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා‍ මියගොස් ඇති බව රඟ දක්වමින් ඔවුන් විසින් සකස්කළ අනුරුවට ගිණි තබු පුළුස්සා දමනු ලැබුවා.

අදාල සිදුවීම දැක්වෙන සමාජ ජාලා හරහා හුවමාරු වන වීඩියෝව පහතින්.