ලෝකයෙන්ම වසන් වුණු අරුම පුදුම සිර ගෙවල් මෙන්න - Photos

'හොආ ලොආ සිර මැදිරිය' පිහිටා ඇත්තේ වියට්නාමයේ හැනෝයි අගනුවරට නුදුරිනි. ප්‍රංශ ජාතිකයන් විසින් මෙ‍ම සිර මැදිරිය ගොඩ නඟන ලද්දේ වියට්නාම් දේශපාලන සිරකරුවන් සිරගත කිරීම සඳහා ය. වියට්නාම් යුධ සමයේ දී ය. මෙම සිර කුටි  තුළ බොහෝ සිරකරුවන් වද බන්ධනයට ලක්ව ඇති අතර බොහෝ පිරිසක් එසමයෙහිම කෲර ලෙස ඝාතනය කර ඇත. 1999 දී මෙම සිරගෙය හෝටලයක් බවට පත් කර ඇති අතර  එය හඳුන්වනුයේ 'හිල්ටන් හැනෝයි ඔපෙරා හෝටලය'
යන නමිනි.

තුඕල් ස්ලෙන්ග් ජෙනෝසයිඩ් මියුසියම්
1975 දී කාම්බෝජයේ කමර් රෑච්වරු විසින් උසස් පාසලක් බවට පැවති ස්ථානයක් තුළ සිර මැදිරියක් නිර්මාණය කෙරිණ. ඒ කාම්බෝජය තුළ පොල්පොට්ගේ කෲරත්වය මැනවින් පෙන්වීම සඳහා ය. මෙම තුඕල් සෙන්ග් සිර මැදිරිය තුළ 17 000 කට අධික පිරිසක් ඝාතනය කර ඇත.  මෙම සිර ගෙය වනාහි නව සියවසේ කෲරතම සිර මැදිරියක් ලෙස හඳුනාගැනේ. 1979 දී වියට්නාම හමුදා විසින් මෙම සිර ගෙය සොයාගත් වහාම කමර් රූච් වරුන්ගේ කෲරත්වය සිහියට නැංවීමට කෞතුකාගාරයක් ගොඩනඟා ඇත.


පෝර්ට් ආතර් සිරගෙය
පෝර්ට් ආතර් සිරගෙය පිහිටා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ තස්මේනියාව තුළ ය. 1833 සිට 1850 දක්වා මෙම සිර ගෙය භාවිතා වූයේ  බ්‍රිතානයයින් විසින් ඕස්ට්‍රේලියාවට පිටුවහල් කරන ලද අයර්ලන්ත අපරාධකරුවන් රැඳවීම සඳහා ය. අද දින වන විට මෙහි උන්මත්තකාගාරයක, රෝහලක  නටබුන් දැකිය හැක. 1996 දී මෙම සිරලෙය වඩාක් ප්‍රචලිත වූයේ ඕස්ට්‍රේලියානු ඉතිහාසය තුළ වාර්තා වූ දරුණුතම වෙඩි තැබීම වාර්තා වීමෙනි. ඒ මෙම සිරගෙය නැරඹීමට පැමිණි පුද්ගලයන් 35 දෙනෙකු වෙත වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙනි. 


එල්මිනා සිරගෙය
දකුණු සහරා‍වේ  නිර්මාණය කරන ලද එල්මිනා සිරගෙය ඉපැරණි යුරෝපානු සිර‍ගෙවල් අතරින් එකකි. මෙම සිරගෙය  1492 දී නිර්මාණය කර ඇති අතර  වහලුන්  සිරගත කිරීම සඳහා  මෙම ගොඩනැඟිල්ල යොදා ගෙන ඇත. 18 වන ශත වර්ෂය වන විට වහලුන් 30 000ක් පමණ මෙම සිරගෙය තුල මියගොස් ඇත.


රොබන් දූපත් සිරගෙය
දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් වෙත නුදුරින් පිහිටා ඇති මෙම සිරගෙය ලෝක ප්‍රකට සිරගෙයකි. අනාදිමත් කාලයක සිට වර්ණභේදවාදයට ගොදුරු වූවන් හා  ලාදුරු රෝගීන් රඳවා තැබීම සඳහා  මෙය භාවිතා කර ඇත. සුප්‍රකට දකුණු අප්‍රිකානු නායකයෙකු වූ නෙල්සන් මැන්ඩෙලා සහ කගෙල්මා මොටලාන්කා වැනි ජන නායකයන් සිරගත කලේ  ද  මෙම ද්‍රපතෙහි ය. අද වන විට මෙම දූපත සංචාරක මර්මස්ථානයක් වී ඇති අතර අප්‍රිකානු පෙන්ගුවින් පක්ෂීන්ගේ වාස භවනක් වී ඇත.

ගෝරී දූපත
17 වන සියවසේ නව ලෝකය සෙයා පැමිණි පිරිස් විසින් ආරම්භ කරන ලද වහලුන් රඳවා තැබීම සඳහා මෙම සිරගෙය නිර්මාණය කර ඇත. 1848 දී ප්‍රංශයේ වහල් සේවය අත්හිටුවීමට පෙරාතුව ප්‍රංශ කොලනියක් වූ සෙනගල් හි විසූ වහලුන් සියලුදෙනා ගෝරී දූපත වෙත යොමු කරනු ලැබීය.  මේ වන විට මෙම සිර මැදිරිය  වන්දනා භූමියක් ලෙස යොදා ගැනෙයි.

ෂැටූ ඩිෆ් සිරගෙය
ඇලෙක්සැන්ඩර් ඩූමාගේ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයාහි සඳහන් වන සුප්‍රකට සිරගෙය වන්නේ මෙයයි. 1634 සිට 19 වන සියවස දක්වා ප්‍රංශයේ ආගමික හා දේශපාලන සිරකරුවන් රඳවා ඇත්තේ ෂැටූ ඩිෆ් සිරගෙය තුළය. එම කාලයේදී පවා වංශවතුන් හට ඉමහත් සැළකිල්ලක් සිර නගවල තුළ පැවතිණ. 1890 දී මිලිටරිහරණයෙන් අනතුරුව මෙම සිර දූපත මහජනතාවට විවෘත විය. මේ වන විට ෂැටූ ඩිෆ් යනු ලෝක ප්‍රසිද්ධ සිර ගෙවල් වලින් එකකි.

යක්ෂයාගේ දූපත
අධිරජ නැපෝලියන් සමයේදී  යක්ෂයාගේ දූපත ලෙස හැඳින්වූ මෙම දූපත ඉතිහාසයෙන් වසන් වූ අප්‍රක‍ට සිරගෙයක් විය. වසර 94 ක් පුරා පැවති මෙම සිර දූපත තුළ  විසූ අපරාධකරුවන් හ‍ට කෲර ලෙස සළකනු ලැබූ බවට සඳහන් ය.මෙම දූපතෙන් ප්‍රංශ ගයනාවට පළායෑමට උත්සාහ කළ සිරකරුවන් ගණන ඉමහත් ය.  නමුදු පිරානි මත්ස්‍යයින්ගෙන් ගහන වූ එම ලංඟාවල් හරහා සිර ගෙදරින්  පළායෑම ඉතා දුෂ්කර විය. 1973 දී මෙම සිරගෙය අළලා කතාවක් ද චිත්‍රපටයක්ද තිරගත වී ඇත.


ලන්ඩන් කුලුණු සිරගෙය
ක්‍රි.පූ 1100 සිට 20 වන සියවසේ මැද භාගය දක්වා බ්‍රිතාන්‍ය සිරකරුවන් ගාල් කර සිටි සුප්‍රකට ස්ථානය වන්නේ ලන්ඩන් කුලුණ යි. මෙම ලන්ඩන් කුලුණ තුළ ප්‍රසිද්ධ සිරකරුවන් රාශියක් විසූ බවට සඳහන් ය. එනම් සර් තෝමස් මූර්, සයවන හෙන්රි රජු,  කැතරින් හොවාර්ඩ් වැනි අය වැදගත් ය. එමෙන්ම මෙම සිරගෙය  ලන්ඩනය තුළ අද්භූතම ස්ථානයක් ලෙස හැඳින්වේ. මෙම සිර මැදිරිය තුළ ඈන් බොලියින්ගේ අවතාරය තිබෙන  බවට කටකතා පවතියි.


ඇල්කැට්රාස්  සිර ගෙය
ඇමරිකාවේ සැන් ෆැන්සිස්කෝ බොක්කේ පිහිටා ඇති ඇල්කැට්රාස් සිර ගෙය ලෝකයේ සුප්‍රකට සිර ගෙවල් වලින් එකකි.   ආරක්ෂාව අතින් ඉහළ ස්ථානයක පැවති මෙය නම ලින අපරාධ කාරයක් සඳහාම නිම වූවකි. මෙම සිර ගෙයි ඉතිහාසයේ මිනිසුන් 36 ක් පැන යාමට තැත් කර ඇති අතර ඉන් 23 ක් හසු වී ඇත. 6 ක් වෙඩි තැබීම්  මඟින් ද දෙදෙනෙකු මියගොස් ඇති බවට සඳහන් ය.  මෙයින් පැන ගිය 5 දෙනෙකු කිසිදා දැක නැති අතර ඔවුන් දියේ ගිලීමෙන් මිය යන්නට ඇතැයි සඳහන්ය. කෙසේවෙතත් අද වන විට ඇල්කැට්රාස් සිර මැදිරිය සංචාරක ආකර්ෂණය දිනූ ස්ථානයකි.


උත්පලා ප්‍රබුද්ධිකා