මිය ගිය යෝධ තල්මසෙකුගේ ශරීරයෙන් එකවරම මතු වුනු දේ - Photos & Video

ඉන්දුනීසියාවේ ජාතික උද්‍යානයක වෙරළට ගොඩගසා තිබූ මියගිය තල්මසෙකුගේ සිරුරේ කිලෝ 06ක් බර ප්ලාස්ටික් අපද්‍රව්‍ය තොගයක් තිබී හමුවූ බව උද්‍යාන බලධාරීහු පවසනවා.

එම තොගයේ ප්ලාස්ටික් කෝප්ප 115ක්, ප්ලාස්ටික් බෝතල් හතරක් සහ ප්ලාස්ටික් බෑග් 25ක් තිබී ඇති බව සඳහන්.

දිගින් මීටර් 9.5ක් වූ මෙම තල්මස් සිරුර සොයාගනු
ලැබුවේ ඉන්දුනීසියාවට අයත් වකටෝබි ජාතික උද්‍යානයේදී.

මෙම අණාවරනය පාරිසරික විද්‍යාඥයන් අතර මහත් තැතිගැන්මකට හේතු වී ඇතැයි පැවසෙනවා.

මෙම සතා මියගිය හේතුව නිශ්චිතවම නොදන්නා නමුත් පෙනෙන්නට තිබෙන තත්ත්වය ඉතාමත් භයානක බවයි ඔවුන් කියන්නේ. ප්ලාස්ටික් අපද්‍රව්‍ය අක්‍රමවත්ව ඉවත දැමීම ඉන්දුනීසියාව ඇතුළු ගිණිකොදිග ආසියානු රටවල බරපතල ගැටලුවක් බවට පත් වී ඇතැයි පරිසර වාර්තා පෙන්වා දෙනවා.

චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් පහෙහි බැහැර කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් සියයට 60ක් සාගරවල තැන්පත් වන බව ද සඳහන්.

මේ වනවිට සාගරවල තැන්පත්ව ඇති ප්ලාස්ටික් ප්‍රමාණය තව දස වසරකින් තෙගුණයක් වන බව පරිසරවේදීහු පවසනවා.