සේවයේ යෙදී සිටියදීම තහණම් ගහේ ගෙඩි කෑ පොලිස් කොස්‌තාපල්වරයෙකුට ලැබුණු දේ..

ගාල්ල පොලිසියට අනුයුක්‌තව සේවය කරමින් සිටි  පොලිස් කොස්‌තාපල්වරයෙකු ඊයේ (21) නිල ඇඳුම පිටින්ම ගාල්ල කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විවාහක තිදරු මවක සමග අනියම් සම්බන්ධයක්‌ පවත්වා ඇයගෙන් වංචනික ලෙස රුපියල් පන් ලක්‍ෂ හැත්තෑතුන් දහසක්‌ ලබා ගෙන සාවද්‍ය පරිහරණය
කිරීම සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ

මෙලෙස අත්අංඩගුවට ගෙන අැති පොලිස් කොස්‌තාපල්වරයා  තිස්‌ හතර හැවිරිදි අවිවාහක කොස්‌තාපල්වරයෙකු වන අතර ඔහු වඳුරඹ පොලිසියේ සේවය කරන කාලයේ එම ප්‍රදේශයේ විවාහක තිදරු මවක්‌ සමග අනියම් සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති බවත් එම කාලසීමාවේදී සැකකරු විසින් ඇයගෙන් වරින් වර රුපියල් පන් ලක්‍ෂ හැත්තෑතුන් දහසක්‌ ලබාගෙන ඇති බවත් පොලිසිය ප්‍රකාශ කරනවා.

අනතුරුව සැකකාර පොලිස් නිළධාරියා විසින්  ඇය නිට්‌ටඹුව ප්‍රදේශයේ නිවසක නතර කර එම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක රැකියාවට යවා ඇති අතර එහිදී ඇය සැකකරු සමග ආරවුලක්‌ ඇති කරගෙන තිබෙනවා.එම අවස්ථාවේදී අදාල කාන්තාව තම නීත්‍යානුකූල සැමියා ළඟට පැමිණි අවස්ථාවේදී  ඇයගේ සැමියා විසින් වඳුරඹ පොලිසියට පැමිණිලි කර ඇති බවත් ඒ අනුව සැකකරු ගාල්ල පොලිසියට මාරුකර පරීක්‍ෂණ ආරම්භ කළ බවත් පොලිසිය සඳහන් කරනවා.

එසේම අත්අඩංගුවට ගත් පොලිස් නිළධාරියා  නිල ඇඳුම පිටින්ම පොලිස්‌ සිර මැදිරියේ රඳවා තිබූ අතර එහිදී ඔහු කෑ කෝ ගසමින් සිටිනු දක්නට ලැබුනු බවයි වාර්තා වන්නේ.