පාර්ලිමේන්තුව විසිරුවොත් පෙන්ෂන් නැතිවේයයි පසුපෙල කැළඹෙයි.. ආණ්ඩුවේ ප‍්‍රබලයන්ට අමතා ඞීල් දමති…

පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ යයි පල වන වාර්තා හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂයේ ඇතුළු සෙසු පක්‍ෂවලත් පසුපෙල මන්ත‍්‍රීන් බොහෝ දෙනෙකු දැඩි ලෙස කැළඹි ගොස් සිටින බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු පැමිණ වසර 05ක් සම්පුර්න නොවූ මන්ත‍්‍රි පිරිස් මෙසේ කලබලයට පත්ව සිටින්නේ සිය
මන්ත‍්‍රී විශ‍්‍රාම වැටුප අහිමි වේ යයි ඇති වූ බියක් හේතුවෙනි.

එක්සත් ජාතික පක්‍ෂයේ 20ක පමණ පිරිසක් සන්දානයේ 15ක පමණ පිරිසක් මෙන්ම සෙසු පක්‍ෂවලද සැලකිය යුතු පිරිසක් මෙම ගැටළුවට මුහුණ පා සිටී.

මේ හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රින් කිහිප දෙනෙකුම ආණ්ඩුවේ ප‍්‍රබලයන් අමතමින් මෙය වලකා ගත හැකි ක‍්‍රමයක් ගැන සාකච්චා කර ඇතැයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුනට විශ‍්‍රාම වැටුප ලැබෙන්නට නම් වසර 05ක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර කාලයක් සැපිරිය යුතුය.

මේ අතර රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා මේ මොහොත් කිසිදු සූදානමක් නැති බවයි.

gossip lanka