"ඔය වගේ සිද්ධි මට මහලොකු වැඩ නෙවෙයි" ආබාධිත රණවිරු මේජර්ගේ ඔලුව පැලෙන්න ගහපු පාලිත තෙවරප්පෙරුම දැන් කියන කතාව!

තිස් වසරක කුරිරු ත්‍රස්තවාදය අවසන් කිරීමට රණවිරුවන් සිදු කළ මෙහෙය අදටත් ගෞරවයට පාත්‍ර විය යුතුය. රටට සාමය ගෙනා මානුෂීය මෙහෙයුම අවසන් කිරීමට සක්‍රියව දායක වූ රණවිරු මේජර් අජිත් ප්‍රසන්නට පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම පහර දුන් පුවත නෙත් ගොසිප් මින්පෙර වාර්තා කළා.

මෙම පහර දීමෙන් තුවාල ලැබූ මේජර් අජිත් ප්‍රසන්න ‍
රෝහල් ගතව ප්‍රථිකාර ලබමින් සිටිනවා.

මේ අතර මෙම පහර දීම පිළිබඳව මන්ත්‍රී තෙවරප්පෙරුම මාධ්‍යයට අදහස් දැක්වූවා. එහිදි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ

 "මට ඔය වගේ සිද්ධි මහ ලොකු ප්‍රශ්න නෙවෙයි. මම ගොඩක්‌ අත්දැකීම් තියෙන මිනිහෙක්‌. දෙයක්‌ කළ යුතු වෙලාවට කළ යුතුයි. පස්‌සෙ පසුතැවෙන ක්‍රමයක්‌ මට නැහැ. මම ඕනෑ දේකට ලෑස්‌තියි. මම සැලෙන්නේ නෑ." යනුවෙනි.

gossip lanka