රූමත් සහ ධනවත් කතුන්ට විවාහ පොරොන්දු දී කප්පම් ලබාගත් පාකිස්‌තානුවාට වෙච්ච දේ

අන්තර්ජාලය ඔස්‌සේ ශ්‍රී ලාංකික රූමත් ළඳුන් සමග ප්‍රේම සබඳතා ගොඩ නඟාගෙන අනතුරුව එම කාන්තාවන්ගෙන් කෝටි ගණනින් කප්පම් ලබාගත් පකිස්‌තානු ජාතිකයකු කොහුවල පොලිසිය මගින් ඊයේ 12දා අත්අඩංගුවට ගෙන ඇත.

 කාන්තාවකගෙන් එවැනි කප්පම් මුදලක්‌ හුවමාරු කරගන්නා අවස්‌ථාවේදී කොහුවල රත්නාවලී පාරේ පිහිටි හෝටලයකදී මෙම සැකකරුගේ ගෝලයා පළමුව අත්අඩංගුවට පත්වූ අතර ඔහු හරහා මීගමුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක්‌ තුළ සිටි මෙකී
පකිස්‌තානු ජාතිකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

 මෙහි ප්‍රධාන සැකකරු අන්තර් ජාලයේ විවිධ ක්‍රම උපයෝගී කරගනිමින් තමන් මීගමුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක හිමිකරුවකු බව පවසමින් ධනවත් රූමත් කාන්තාවන් විවාහ කර ගැනීමේ පොරොන්දු පිට මෙකී හෝටලයට ගෙන්වාගෙන තිබිණි. අනතුරුව රහසිගත කැමරා උපයෝගී කරගනිමින් එම කාන්තාවන් වීඩියෝ කර එම වීඩියෝ පට එම කාන්තාවට පෙන්වා එය අන්තර් ජාලයට මුදාහරින බව පවසමින් රුපියල් ලක්‌ෂ ගණනින් කප්පම් ලබා ඇති බවත් පවසයි. මෙලෙස කිරුළපන ප්‍රදේශයේ 31 හැවිරිදි තරුණියකගෙන් රුපියල් ලක්‌ෂ 28 ක කප්පම් මුදලක්‌ ඉල්ලා ඇති අතර එම තරුණිය සිද්ධියට මුහුණ දීමට නොහැකිව බියෙන් ඔස්‌ටේ්‍රලියාවට පැනගොස්‌ එහි සිටි මිතුරියක්‌ හරහා පොලිසියට පැමිණිලි කර තිබිණි.

 අනතුරුව එකී මුදලින් රුපියල් ලක්‌ෂ 12 ක්‌ චෙක්‌පතක්‌ මගින් ලබාදීමට කටයුතු සිදුකළ අවස්‌ථාවේ මෙලෙස සැකකරුගේ ගෝලයා අත්අඩංගුවට පත්වී තිබිණි. අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරු අදාළ හෝටලයේ හිමිකරු නොවන බවත් එහි කළමනාකරු බවත් පලස්‌තීන රටින් සැකකරු නෙරපා ඇති පුද්ගලයකු වූ අතර හෙතෙම 28 වියේ පසුවන අයකු බවත් පොලිsසිය පවසයි. සැකකරු විසින් මෙලෙස දිවයින පුරා කතුන් බොහොමයක්‌ රවටා ඇති අතර එම අගතියට පත් කාන්තාවන් කොහුවල පොලිසිය මගින් සිදුකරන මෙම විමර්ශන කටයුත්තට සහාය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් කොහුවල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස්‌ මත අපරාධ අංශයේ වැඩ බලන ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක ජයසංඛ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන (75707) බණ්‌ඩාර (73019) රංගන (11890) පියල් (78723) රණසිංහ යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.