gossip lanka

අවුරුදු හතක පිරිමි ළමයකු අපයෝජනය කළ මුණුබුරන් රැසකගේ 71 හැවිරිදි සීයාට වෙච්ච දේ

මීරිගම පොලිස්‌ වසමේදී එවකට අවුරුදු 07 ක්‌ වයසැති පිරිමි ළමයෙක්‌ බරපතල ලිංගික අපයෝජනයට ලක්‌ කිරීමේ චෝදනාවට වරදකරු වූ මුණුබුරන් රැසකගේ 71 හැවිරිදි සීයාට බරපතල වැඩ ඇතිව වසර 08 ක සිරදඬුවම් ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියම කළේය.

එම සිරදඬුවමට අමතරව රුපියල් 5000 ක දඩයක්‌ නියම වූ අතර වින්දිතයාට රුපියල් 50,000 ක වන්දි
මුදලක්‌ ගෙවීමට නියම කෙරුණි. නිව්ටන් ප්‍රනාන්දු නමැත්තාට මෙසේ සිරදඬුවම්, දඩ සහ වන්දි මුදල් ගෙවීමට නියම විය.

2001 වර්ෂයේ දී චූදිත ඉහත චෝදනා සිදු කර තිබූ බවත් වින්දිත දරුවාගේ පියා චූදිත යටතේ වරාය අධිකාරියේ සේවය කරමින් සිටින අතරවාරයේ පියාගේ මිතුරකු ලෙස සිටිමින් වින්දිතයාගේ නිවසට පැමිණ ඉහත චෝදනා සිදුකර තිබූ බව අධිකරණයේදී සඳහන් විය. චූදිත දරුවාගේ නිවස තුළදී දරුවා ලිංගික අපයෝජනයට ලක්‌ කිරීම සම්බන්ධව දරුවා අධ්‍යාපනය ලැබූ පාසලට ආරංචි වීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මව පොලිසියට පැමිණිලි කර තිබූ බවටද අධිකරණයේදී වැඩිදුරටත් සඳහන් විය.

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක

gossip lanka