මැලේසියානු ඔටුන්න හිමි කුමරුගේ හා මොස්කව් රූ රැජිනගේ රහස් විවාහයේ ජායාරූප නිසා අන්තර්ජාලය කැළඹේ - Photos

මැලේසියාවේ පස්වන සුල්තාන් මොහොමඞ් රජු රුසියාවේ මොස්කව් නුවර රූ රැජිනක් වූ ඔක්සානා වොයෙවොඩිනා සමඟ විවාහ වූ බවට සමාජ ජාල වල පැතිරෙන වාර්තාව පිළිබඳව මැලේසියානු පාර්ලිමේන්තුවේදී ඊයේ සංවාදයට බඳුන් වුණා.

අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඞ් ප්‍රකාශ කළේ ඒ පිළිබඳ තමාට තහවුරු කළ නොහැකි අතර, ඒ
සම්බන්ධයෙන් කිසිවක් පැවසිය නොහැකි බවයි.

කෙසේ නමුත්, 2015 වසරේ මොස්කව් රූ රැජින වූ 25 හැවිරිදි ඔක්සානා සමඟ 49 හැවිරිදි සුල්තාන් මොහොමඞ් රජු විවාහ වීමේ ඡායාරූප සමාජ මාධ්‍යවල සංසරණය වනවා.

එම විවාහ මංගල්‍යය මොස්කව් තදාසන්න ප්‍රදේශයක පසුගිය නොවැම්බර් 22 වනදා සිදුවූ බවයි වාර්තා වන්නේ.

ඔක්සානා මේ වසර මුලදී ඉස්ලාම් ආගම වැළඳ ගත් අතර ඇගේ නම ද රිහානා ලෙස වෙනස් කරනු ලැබුවා.