බරපතල ලිංගික අපයෝජනයට ලක් කර සාහසික ලෙස පහර දී ගෙල මිරිකා මැරූ නිකීගේ සංවේදී කතාව - Photos

යම් අපරාධයක් විශේෂයෙන් ඝාතනයක් සිදු වූ විට එම අවස්ථාවේදීම අපරාධය කළ තැනැත්තා අල්ලා ගැනීම හෝ ඊට අවශ්‍ය සාක්ෂී හා වෙනත් තොරතුරු ලබා ගැනීමට නොහැකි වුවහොත් ක්‍රමයෙන් එම අපරාධය යට යෑම අධිකරණ ක්ෂෙත්‍රය තුළ සාමාන්‍ය යෙන් සිදු වන්නක්.

මේ අයුරින් නොවිසඳුණු අපරාධ අති විශාල ප්‍රමාණයක් කාලයත් සමඟ අමතකවී ඇති බව
අමුතුවෙන් කිව යුත්තක් නොවේ.

ඕලන්දය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ එකොළොස් හැවිරිදි නිකී වර්ස්ටැප්ටන් නම් දරුවා දරුණු ලිංගික අපයෝජනයට ලක් වී සාහසික ලෙස පහර දී ගෙල මිරිකා මරා දැමීමේ සිද්ධියද එසේ ක්‍රමයෙන් අමතක වී යට යෑමට ලක් වූ අපරාධයක්.

පීටර්. ආර් නම් වූ ඕලන්ද ජාතික මාධ්‍යවේදීයා නොසිටින්නට නිකී දරුවාගේ ඝාතනයද කාලයක් සමඟ යට යාමට ඉඩ තිබුණා.

නිකී පාසල් නිවාඩු කාලයේදී ඕලන්දයේ දකුණු පළාතේ පිහිටි ලිම්බර්ග් ප්‍රදේශයේ පැවැත්වූ නිවාඩු කඳවුරකට සහභාගි වුණා.

අධ්‍යාපන හා වෙනත් බාහිර කටයුතු වල යෙදීම මෙන්ම නිදහසේ තම වැඩ කටයුතු කරන ආකාරය පුරුදු පුහුණු කිරීමද එම කඳවුර තුළ සිදු වුණා.

මෙලෙස පුහුණුවීම් වල නිරත වෙමින් සිටියදී ඔහු හිටි හැටියේ අතුරුදහන් වුණා.

එම සිදුවීම එම කඳවුර තුළ වගේම ඔහුගෙ දෙමව්පියන් අතරෙත් මහ කලබගෑනියක් ඇති කළා.

පසුව මේ පිළිබඳව සොයා බැලීමේදී කඳවුර අවට පිහිටි වනගත ප්‍රදේශයක තිබී දරුවාගේ මළ සිරුර පොලීසියට හමුවුණා.

එහිදි අනාවරණය වුනේ මෙම දරුවා බිහිසුණු ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවටයි. එහෙත් මේ සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුව පත් වුණේ නැහැ.

සිද්ධියත් ක්‍රමයෙන් සියලු දෙනාට අමතක වුණා. මාධ්‍ය මඟින් මේ සිදුවීමට අවධානය යොමු කිරීමත් සමඟ එම කඳවුර අසළ ජිවත් වූ 15000ක් පමණ ජනතාවගේ DNA සාම්පල් පරීක්ෂා කරනු ලැබුවා.

ඒ නිකිගේ සිරුරේ DNA සාම්පලය සමඟ එම සාම්පල් ගැලපේද යන්න පරීක්ෂා කරන්නයි.

මෙසේ පරීක්ෂා කරද්දි 15000 න් එක් අයකුගේ DNA නිකීගේ DNA සමඟ ගැලපීම නිසා පොලිසියේ අවධානය ඔහුට යොමු වුණා.

ඒත් ඔහු එවැනි පුද්ගලයෙකු නොවන බව වැටහුණූ නිසා එම අවධානය ඔවුන්ගෙන් ගිලිහුණා.

ඔවුන් ඊළඟට අවධානය යොමු කළේ ඒ වන විට රට හැර ගොස් සිටින ජොස් බ්‍රෙව් නැමැත්තාට. ඒකට හේතුව වුණේ ඝාතනය සිදු වූ අවස්ථාවේදී එම කඳවුරට ආසන්නව ඔහු ජිවත් වීමත් වනය තුළ දිවි ගෙවන ආකාරය ගැන උපදෙස් දෙන විශේෂඥයෙකු වීමත් නිසා.

DNA සාම්පල හරි ආකාරව ගැළපුණු පසු ඔහු නිකීගේ ඝාතකයා බවට තීරණය වුණා.

ඝාතකයා අල්ලා ගැනීමේ දී පොලිසියට බොහෝ සෙයින් වෙහෙස වෙන්නට සිදු වුණා. අනතුරුව මාධ්‍ය මඟින් ඝාතකයාගේ ජායාරූප පවා ප්‍රසිද්ධ කරනු ලැබුවේ ඔහුව අල්ලාගැනීමේ අරමුණින්.

ජෝස් අත්අඩංගුවට ගැනෙන්නේ බාර්ජිලෝනා නගරයට කිලෝමීටර් 50ක් පමණ ඈතින් පිහිටි නගරයකදී.

ඊට පෙරද ලිංගික අතවර කිරීමේ සිද්ධි කිහිපයකටම ජොස් සැකකරුවෙකු ලෙස නම් කර ඇති බව පොලීසිය අනාවරණය කළා.