අනියම් බිරියගේ පහස මදි වී ඇගේ දෙවැනි දියණියත් දූෂණය කළ රෝහිත්ට අත් වූ ඉරණම

අනියම් බිරියගේ බාල වයස්‌කාර දෙවන දියණිය දූෂණය කරන ලදැයි යනුවෙන් චෝදනා තුනක්‌ යටතේ අධිචෝදනා ලබා සිටි චූදිතයෙක්‌ අධිචෝදනා දෙකකට වරදකරු කරනු ලැබූ හලාවත මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය එම චූදිතට බර වැඩ සහිත වසර 30 ක සිරදඬුවමක්‌ නියම කළා.

2007 ඔක්‌තෝබර් 07 දින සිට 2008 ඔක්‌තෝබර් 07
අතර කාලයේදී වයස අවුරුදු 16 ට අඩු බාලවයස්‌කාර දැරියක්‌ දූෂණය කරන ලදැයි අධිචෝදනා 03 ක්‌ යටතේ චෝදනා ලබා සිටියේ නාත්තන්ඩිය මාවිල දේවාලය අසල පදිංචිව සිටි බමුණුසිංහ ආරච්චිලාගේ රෝහිත සනත් ආනන්ද නම් අයෙක්.

අවිවාහකයකුව සිටි චූදිත සැමියාගෙන් වෙන්ව සිටි තිදරු මවක සමඟ අනියම් සම්බන්ධකමක්‌ පවත්වා ගෙන එම නිවසේ සිටියදී මෙම සිද්ධිය වී තිබෙනවා.

සාක්‌ෂි විභාගය අවසන් වීමෙන් පසු මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය චූදිත අධිචෝදනා තුනෙන්a 1 හා 2 යන චෝදනාවන්ට වරදකරු කළා.

චූදිතට දඬුවම් නියම කිරීමට පෙර චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුජිත් ප්‍රියංකර මහතා අධිකරණයට කරුණු දක්‌වමින් මේ වනවිට චූදිතගේ වයස අවුරුදු 52 ක්‌ බව ද සිද්ධිය 2007 - 2008 සිදුවීම මත මෙය පැරණි නඩුවක්‌ බැවින් ඒ ගැන සලකා බලා ලිහිල් දඬුවමක්‌ දෙන්නැයි ඉල්ලා සිටියා.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ පද්මලාල් වීරසිංහ ද සිල්වා මහතා ද කරුණු දැක්‌වීමෙන් පසු මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය පළමු වන අධිචෝදනාවට බර වැඩ සහිත වසර 15 ක සිරදඬුවමක්‌ ද, දෙවන අධිචෝදනාවට බර වැඩ සහිත අවුරුදු 15 ක සිරදඬුවමක්‌ ද නියම කළා. එයට අමතරව චෝදනා දෙකට වෙන් වෙන්ව රුපියල් 2500 බැගින් දඩ මුදලක්‌ නියම කර රුපියල් ලක්‌ෂ පහක වන්දි මුදලක්‌ ගෙවීමට ද නියම කළා. වන්දි මුදල් නොගෙවන්නේ නම් එක්‌ චෝදනාවකට මාස හය බැගින් වන සේ මාස 12 ක බර වැඩ සහිත සිරදඬුවම් ද නියම කළා.