බල පෙරළිය ගැන මෛත්‍රී හා මහින්ද මාස 4ක් සැළසුම් කල බව නාමල් හෙළි කරයි (video)

ආන්දෝලනාත්මක බල පෙරළිය සිදු කිරීමට පෙර මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ මාස 4ක් පමණ තිස්සේ සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දියාවේ NDTV පුවත් සේවය වෙත අනාවරණය කරනවා.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂ යළි බලයට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාවට වදවිය යුතු නොමැති බවයි.

කෙසේ වෙතත් සිය පියා ජනාධිපතිවරයාව සිටින
සමයේ දී ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර වැරදි වැටහීම් ඇති වූ බවයි නාමල් රාජපක්ෂ සඳහන් කළේ.

එමෙන්ම මහින්ද රාජපක්ෂ යළි බලයට ඒම පිටුපස නාමල් රාජපක්ෂ මෙරට අනාගත නායකයා කිරීමේ අරමුණක් පවතින බවට එල්ලවන චෝදනා ද ඔහු ප්‍රතික්ෂේප කර සිටියා.

තමන් අනාගත අගමැති ධූරයට පත් වේදැයි තීරණය කළ යුත්තේ ජනතාව බවයි ඔහු අවධාරණය කළේ.

නාමල් රාජපක්ෂ NDTV වෙත ලබා දුන් එම සම්මුඛ සාකච්ඡාව පහතින්..

gossip lanka