මුත්තෙට්ටුගල වෙල්යායට කඩා වැටුණු අරුම පුදුම දේ මොකක්ද..? (video)

කුරුණෑගල මුත්තෙට්ටුගල ප්‍රදේශයට ආසන්නයේ පිහිටි වෙල්යායක තිබි සුදු පැහැති වළාකුලකට සමාන ද්‍රව්‍යයක් දැක ගැනීමට ලැබුණු බව ප්‍රදේශවාසින් සඳහන් කරනවා.

අද (29) අළුයම කාලයේදී මෙය ඉතා විශාල ප්‍රදේශයක් පුරා පැතිරි තිබුනු බවත් හිරු එළිය පතිත වන විට ක්‍රමයෙන් එය දියවි යන ස්වභාවයක්
දැකගැනීමට හැකියාව ලැබුණු බවත් ප්‍රදේශවාසීන් පවසනවා.

එසේම එය අතින් අල්ලන විට දියවි යන ස්වභාවයක් දැකගැනීමට හැකියාව ලැබුනු බවයි ප්‍රදේශවාසියෙකු වැඩිදුරටත් සඳහන් කළේ.


gossip lanka