නිරූපන ශිල්පිනිය සමඟ ඇතිකරගත් අනියම් ප්‍රේමය නිසා නරුම සැමියා බිරිඳව ඝාතනය කරයි - Photos

නිරූපන ශිල්පිනියක් වන සිය අනියම් පෙම්වතිය සමඟ එක්ව බිරිඳව ඝාතනය කළ පුද්ගලයෙකු ඊයේ (01) දිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රජිව් නමැති 40 හැවිරිදි වියේ පසුවූ සැකකරු සහ 26 හැවිරිදි වියේ පසුවූ ඒන්ජල් ගුප්තා නමැති නිරූපන ශිල්පිනියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගුරුවරියක් වන 38 හැවිරිදි වියේ පසුවූ අදාල
කාන්තාව පසුගිය සඳුදා පාසල වෙත යන අවස්ථාවේ මහ මඟදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඝාතනයට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සැමියා සහ ඔහුගේ අනියම් පෙම්වතිය බව කියන නිරූපිකාව පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ ඔවුන් අතර පැවති අනියම් සම්බන්ධතාවය පිළිබඳව සැකකරුගේ බිරිඳ දැනගැනීම නිසා මෙලෙස ඇයව ඝාතනය කළ බවයි.

මෙලෙස ඝාතනයට ලක්වූ තැනැත්තිය වයස අවුරුදු 16ක දියණියකගේ සහ අට හැවිරිදි පිරිමි දරුවෙකුගේ මවක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

සිය දියණිය සහ ඇයගේ විවාහක පෙම්වතා එක්ව සිදුකළ ඝාතනයට අනුබල දීම සම්බන්ධයෙන් නිරූපන ශිල්පිනියගේ පියා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අදාල කාන්තාවට වෙඩි ප්‍රහාර 03ක් එල්ලකර ඝාතනය කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු දිල්ලි පොලිසිය විසින් සිදුකරනු ලබනවා.


gossip lanka