ලෝකයම දන්න සද්ධන්ත නළුවා පුංචි කෙල්ලෙක් කරකාර බදියි - Photos

ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ කියන ටෙලි නාට්‍ය මාලාව බොහෝ දෙනෙක් ප්‍රිය කරන නාට්‍ය මාලාවක්. එහි ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ජනප්‍රිය නළු තෝර් බියෝන්සන් නාට්‍ය තරම්ම ජනප්‍රියයි. ඔහුගේ උස අඩි 6යි අගල් 9ක් සහිත විශාල ශරීරයක් වුවත් තවමත් ඔහු පසු වන්නේ 29 වියෙහි.

ඔහු  පසුගිය දා විවාහ දිවියට පිවිසුණා. ඔහුගේ මනාලිය වුයේ කෙල්සී හෙන්සන්. ‘ද මවුන්ටන්’ හෙවත් තෝර් බියෝන්සන් ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි තම
විවාහ මංගල්‍යයේ ඡායාරූපයක් පළ කරමින් සටහන් කළේ තමන් කෙල්සී සමග විවාහ වුනා කියලයි.

බියෝන්සන් සහ කෙල්සී පෙමින් බැදුණේ පසුගිය වසරේදී. දෙදෙනා මුලින්ම මුණ ගැසී ඇත්තේ කැනඩාවේදී. ඒ වන විට කෙල්සී එරටෙහි අවන්හලක වේටර්වරියක ලෙස සේවය කර ඇති බව තමයි සදහන් වෙන්නේ.  බියෝන්සන්ගේ උස අඩි 6.9 ක්. නමුත් කෙල්සී ගේ උස අඩි 5.2 ක්. කොහොම වෙතත් දෙදෙනාගේ පිවිතුරු ආදරයට මේ උස ප්‍රමාණ බලපා නැහැ කියලයි කියන්නේ.