තම අවුරුදු 14 නැගණිය අඹූවට ගෙන ගැබිනියක් කළ අමන සොහොයුරාට අත්වූ ඉරණම

10 වසරේ ඉගෙනුම ලබන අවුරුදු 14 යි මාස 03 ක්‌ වයසැති තම බාල වයස්‌කාර සොහොයුරිය සිව්මස්‌ ගැබිනියක්‌ කළ 17 හැවිරිදි සොහොයුරාව ලබන 28 දින දක්‌වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් චාන්දනී දයාරත්න මහත්මිය මියෝග කර තිබෙනවා.

මිනුවන්ගොඩ, හොරගස්‌මුල්ලට ආසන්න ප්‍රදේශයක පදිංචි 17 වැනි වියේ පසුවන සැකකරුවෙකුවූ වින්දිත දැරියගේ වැඩිමහල් සොහොයුරාව මෙසේ රිමාන්ඩ්
භාරයට පත් කර තිබෙන බවත් සදහන්.

මීට මාස 04 ක කාලයකට පෙර දිනයක වර්ෂාව පැවති දිනකදී කාමරය තෙමෙනවා යෑයි පවසා සහෝදරයා තම කාමරයට පැමිණි බවත් බීම නිදා සිටි තම සහෝදරයා අලුයම් කාලයේදී වින්දිත දැරියව මරා දමන බවට තර්ජනය කර පැමිණිලිකාර දැරියව දූෂණයට ලක්‌ කර ඇති බවට පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති බැවින් අධිකරණයේදී සඳහන් වෙයි. වින්දිත දැරියට ඇතිවී ඇති අසනීප තත්ත්වයට ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇයව සිව්මස්‌ ගැබිනියක්‌ බවට තහවුරු වී ඇති බවටත් අධිකරණයේදී සඳහන්.