සුලු සිදුවීමකට සහෝදර සිසුවෙකුට පිහියෙන් ඇන මරා දැමූ පාපතරයා - පිහි ඇනුමට හේතුව සමගින් මාතර ඝාතනයේ සම්පූර්ණ කතාවම!

මාතර ඇළවේල්ල පාර, ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහරදී 19 හැවිරිදි සිසුවෙකු ඝාතනය කර තිබෙනවා. පෙරේදා (24) පස්වරුවේ මෙම ඝාතනය සිදුව තිබුනා.

මියගිය සිසුවා ඇතුළු ඔහුගේ මිතුරන් පිරිසක් උපකාරක පන්තියකට සහභාගි වීමට පැමිණි අවස්ථාවේ මෙම ඝාතනය සිදුව තිබෙනා අතර
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තිහගොඩ, නායිම්බල,  මාහේන ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්. සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන මාතර පොලීසියේ උසස් පොලිස් නිළධාරියෙක් මාධ්‍යයට පවසන්නේ ඝාතනයට ලක්වූ සිසුවාගේ බාල සොහොයුරෙකු සම්බන්ධයෙන් ඇතිවු ගැටුමක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි.

කෙසේ වෙතත් ඝාතනය සිදුකළ සැකකාර සිසුවා ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගැනීමට තවමත් පොලීසිය සමත්ව නැහැ. ඔවුන් මේ වනවිට පොලිසිය මඟ හැර සැඟ වී සිටින බව පොලිසිය පවසනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා විමර්ශන කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක බව සදහන්.

ඝාතනයට සම්බන්ධ සිසුවාගේ ඡායාරූප මේ වන විට සමාජජාලා මාධ්‍ය ඔස්සේ හුමවාරු වෙමින් පවතිනවා.