"කළමණාකරුට 1500යි, තරුණියට 1000යි" සුරූපිණියන් ගණිකා ජාවාරමේ යෙදවූ අනුරාධපුර ගණිකා නිවසේ විස්තරේ!

අනුරාධපුර මාතලේ හංදිය ප‍්‍රදේශයේ කලක සිට පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවකු හා ගණිකා වෘත්තියේ නිරතවූ සුරූපී කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශයට හැකිවී තිබේ.

අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු
වාර්ථා කිරිමෙන් පසුව ලබාගත් සොදිසි වරෙන්තු සහිතව පසුගිය 20දා කොට්ඨාශ දූෂණ මර්දන අංශය පොලිස් උපාය දූතයෙකු යොදා ආදාල ස්ථානය වටලා තිබේ.

ගණිකා නිවාසය පවත්වා ගෙන ගිය හා එහි කළමනාකරු වශයෙන් කටයුතු කරන තැනත්තා පොලිස් නිලධාරියාට තරුණියක් මුදලට ලබාදුන් අවස්ථාවේ වැටලීමට සහභාගීවූ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබූ අතර වහාම ක‍්‍රියාත්මක වූ සෙසු පොලිස් නිලධාරින් ආයතනය වටලා එහි රැඳීසිටි තවත් රූමත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 22-28 වියේ පසුවන අතර ඔවුන් මාතලේ හා කටුපොත ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් ගණිකා නිවාසයේ හිමිකරු හා කළමනාකරුවන නවය ඇළ පාර විජයපුර පදිංචි 45 හැවිරිදි පුද්ගලයා ගැණුම්කරුවන්ට රුපියල් 2500 කට කාන්තාව අලෙවිකර ඉන් රුපියල් 1000 ක් ඇයට ලබාදී ඉතිරි රුපියල් 1500 ක මුදල ඔහුගේ ලාභ වශයෙන් ලබා ගන්නා බව පොලිසිය සිදුකල පරික්ෂණවලදී අනාවරණය කරගෙන තිබිණි.

සැකකරුගේ ආයතනයට කාන්තා පහස ලබා ගැනීමට දිනකට 15 -20ත් අතර ගැණුම්කරුවන් පිරිසක් පැමිණෙන බවත් වැටලීම සිදුකර තිබියදී ගැණුම්කරුවන් පස් දෙනෙකු සේවය ලබා ගැනීම සදහා එහි පැමිණි බව පොලිසිය පවසයි.

ගණිකා වෘත්තියේ නිරත වන්නන්ට ඉතා අඩු ගෙවීමක් සිදුකර කළමණාකරු දිනකට රුපියල් තිස් දහසක පමණ ආදායක් උපයා ගන්නා බව පොලිසිය අනාවරණය කරගෙන තිබූ අතර සැකකරුවන් තිදෙනා 21දා උදෑසන අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.