ගසකින් වැටී ආබාධිතව සිටි මාතර පියෙකුට පිහිට වෙන්න ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පිරිසක් ගිය ගමන - Photos

ගසකින් වැටී එක් පාදයක ආබාධයක් ඇති මාතර දෙල්ලව , මියනවතුර , නෙළුව ප්‍රදේශයේ ජීවත් වන පියෙකු පිළිබඳව පසුගිය දිනවල මුහුණු පොතේ පළවුණා.

ඔහු දිනපතා වේදනානාශක පෙති විශාල ප්‍රමාණයක් දිනකට භාවිතා කරන බවත් ඔහුට රෝද පුටුවක අවශ්‍යතාවයත් ඇති පවත් පසුගියදා මුලු දිවයිනටම
සාම විනිසුරුවරයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරියෙකු  ලෙස කටයතු කරන ජීවන් ප්‍රසාද් ලියනගේ සිය මුහුණු පොතේ පළකර තිබුනා.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළේ හිටපු නායිකා ඉනෝකා රණවීර , මදුරි සමුද්දිකා , හංසිමා කරුණාරත්න , චන්දිමා ගුණරත්න ඇතුළු පිරිස ඔහුට රෝද පුටුවක් සහ වියලි ආහාර ලබාදීමට කටයුතු කර තිබුණා.

"ඉතා දුශ්කර ව දිවි ගෙවන මෙම පියා හට පුලුවන් අයුරින් උපකාර වන්න" යනුවෙන් ඉනෝකා සිය මුහුණු පොතේ සටහනක්ද තබා තිබෙනවා.

වමතින් දඟපන්දු යැවීමේදී දක්ෂතා දක්වන 32 හැවිරිදි ඉනෝකා අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී මහා විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වුණු ක්‍රීඩිකාවක්.

අදාළ ඡායාරූප පහතින් බලන්න