බංගලාදේශ නායකයාත් ක්‍රිකට් අතහැර දමා පාර්ලිමේන්තු මැතිවරණයට එයි..!

බංගලාදේශ එක්දින කණ්ඩායමේ නායක මෂ්රාෆේ මෝටාසා එරට පාර්ලිමෙන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබෙනවා.

මෙම මැතිවරණය ලබන දෙසැම්බර් මස 30නදා පැවැත්වීමට නියමිතව තිබෙනවා

මොටාසා සිය තීරණය පිළිබඳව සිය නිළ ෆේස්බුක් පිටුව ඔස්සේ අදහස් පලකර ඇති අතර, තමාට
දේශපාලනය පිළිබඳව කැමැත්තක් ඇති බවත් 2019 ලෝක කුසලානය සිය අවසන් එක්දින තරඟාවලිය විය හැකි බවත් ඔහු ප්‍රකාශ කරනවා.

‘මම හැමවේලේම විස්වාස කළා දේශපාලනයෙන් තොරව අපේ රට දියුණු කරන්න බැහැ කියලා දැන් මට අවස්ථාව තිබෙනවා මගේ රට වෙනුවෙන් යමක් කරන්න‘‘ යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.