"කථානායක කරූ එජාපයේ පැත්ත ගත්තා, ගත්තු වාහන දුන්නේ නැතිනම් බලාගමු" ජනපති මෛත්‍රී දැඩි ස්වරයෙන් ජාතිය ඇමතූ හැටි!

පාර්ලිමේන්තුව විසුරවාහැරීමෙන් පසුව මුල්ම වරට ඊයේ දින (11) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අැමතුවා. එහිදි ජනපතිවරයා විසින් පැවසූවේ තමන් විසුරුවාහැරි පාර්ලිමේන්තුව තරම් දූෂිත පාර්ලිමේන්තුවක් ඉතිහාසයේ කවදාවත් තිබී නැති බවයි.

හිටපු කතානායක කරු ජයසූරියගේ පක්ෂාග්‍රාහී හැසිරීම පිළිබඳවද තමන් කණගාටු වන බවද ජනපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශ කළා. ආසන 162ක පැහැදිලි බහුතරයකින් යුත් දි.මු ජයරත්න
මහතා ඉවත්කොට රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්කිරීමේදී බහුතරය පිළිබඳව කතා නොකළ බවත් ජනපතිවරයා පවසනවා.

නව අගමැතිවරයෙක් පත්කළ පසු අගමැතිට බහුතරය ඇතිදැයි පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේ විමසීමේ පාර්ලිමේන්තු සම්ප්‍රධායක් නැති බවත්, ස්ථාවර නියෝගවල සඳහන් නොවන බවත් ජනාධිපතිවරයා පවසනවා.

පාර්ලිමේන්තුව විසුරවා නොහැර 14දා පාර්ලිමේන්තුව රැස් කළේනම් මරණ පවා ඇතිවිය හැකිව තිබූ බවත්, සාමය ආරක්ෂා කරමින් රටේ ගැටුම් තත්ත්වයන් ඇති වීම වළක්වමින් පාර්ලිමේන්තුව විසුරවා ප්‍රජාතන්ත්‍රවාදීව මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණ කළ බවත් ජනාධිපතිවරයා පවසනවා.

මේ අතර එජාප හිටපු ඇමතිවරුන් තවමත් අමාත්‍යංශ වාහන සහ දේපළ භාවිතා කරමින් සිදු කරන රාජ්‍ය දේපළ අවභාවිතයද ජනපතිවරයාගේ අවදානයට ලක්ව තිබෙනවා. හිටපු මැති ඇමතිවරුන් සතු අමාත්‍යාංශවලට අයත් වාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාර දෙන ලෙසත්, එසේ නොකරන්නේනම් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළා.