"සිරිසේන මහත්තයා මෙහෙම ඉන්න ඉන්න රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. බහුතරය තියෙන පැත්තට දෙන්න ඕනේ." යයි ශ්රී ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් කළුතර දිස්ත්රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා බීබීසී සිංහල සේවයට ප්රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ ඊයේ (27) පාර්ලිමේන්තු
සැසියට සහභාගි නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රීවරුන් තීරණය කිරීමෙන් අනතුරුවය.
මේ සම්බන්ධයෙන් තමන්ගේ අදහස ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙන අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ප්රකාශ කළ බව ද වෙල්ගම මන්ත්රීවරයා පැවසීය.
"පිළිගන්න නොපිළිගන්න එක මම දන්නෙ නෑ. නමුත් මම මගේ අදහස කියල තියෙන්නේ."
"මේක මුළු රටටම බලපාන ප්රශ්නයක්, මුළු රටටම. මුළු රටම ඉවරයිනේ?" ඔහු බීබීසී සිංහල සේවයට ප්රකාශ කළේය.
පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැතිව "නටන නාඩගම"ට තමන් අකමැති බව ද කුමාර වෙල්ගම පැවසීය.
‘මෛත්රීගේ තීන්දුව නිසා රටත් ඉවරයි.මිනිසුත් ඉවරයි..බහුතරේ නැතුව මොකද්ද මේ නටන නාඩගම‘ - කුමාර වෙල්ගම කට අරී
2018-11-27T19:31:00-08:00
Gossip Lanka Hot News
slide|