'ජනාධිපති සීට් එකේ වැරැද්දක්' - කුමාර තිරිමාදුර

1970 ඉඳන් අද වෙනකම් පත්වුණ ජනාධිපතිවරුන් මේ රටේ ජනතාව ඇන්දු බව කළා ශිල්පී කුමාර තිරිමාදුර පවසයි.

වත්මන් දේශපාලනය තත්වය හා ජනාධිපතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් 'අනිද්දා' පුවත්පතට ප්‍රකාශයක් දෙමින් ඔහු එබව සඳහන් කර තිබේ.

ඔහු ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේද කියා
සිටියි.

''මම නම් විශ්වාස කරන දේ තමයි 1970 ඉඳන් අද වෙනකම් පත්වුණ ජනාධිපතිවරුන් මේ රටේ ජනතාව ඇන්දුවා. මේක ඔය සීට් එකේ වැරැද්දක්. අද මෛත්‍රීපාල හෙට ධම්මාරාම කියල කෙනෙක් ඉඳ ගත්තත් ඔය වගේ තමයි ක්‍රියා කරන්නේ. ඒ තරම් බලයක් ඔය සීට් එකට දීලා තියනවා.

ඒ නිසා මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. මගේ අදහස තමයි ජනතාව දැන්වත් ඇස් අරින්න වෙනවා.

1996 දී වරෙන්තු නාට්‍යයේ එච්.ඒ. පෙරේරා කියපු දෙබසක් තියෙනවා. “පවතින පාලනය ජඩ මර්ධනකාරී එකක් උනාම ජනතාව ජීවිත පරදුවට තියලා හරි එක පෙරලලා දානවා. ඊට පස්සේ අලුත් පාලකයෝ ටිකක් ඇවිල්ලා අර හිටපු ඇමැතිවරුන්ගේ නිලධාරියෝ එක්ක කරපු ඝාතන දූෂණවලට හිටපු නිලධාරීන්ව ප්‍රසිද්ධ පිට්ටනිවලට ගෙනල්ලා එල්ලනකල් අර ජනතාව අක්‍රියව බලන් ඉන්නවා. ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ. හෙමින් සීරුවෙ ටිකෙන් ටික යට ගැහෙනවා. ඇයි ඒ? ජාතිය පක්ෂ අදහස් උදහස්වලට වඩා උංගෙ පන්තිය ඝණ නිසා” කියලයි ඒ දෙබස තිබුණේ.''