මන්නා පිහියෙන් පහරදී සැමියාගේ අනියම් බිරිදගේ අතේ ඇඟිලි සහ කලවා ප්‍රදේශය කපා දැමු බිරිදට වුණු දේ

කටුනායක මඩවල ප්‍රදේශයේ බෝඩිම් කාමරයක්‌ තුළ සිටි සැමියාගේ අනියම් බිරිඳ පිහියකින් කපා බරපතළ තුවාල සිදුකළ 34 හැවිරිදි තිදරු මවක්‌ රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් සිසිර විඡේසූරිය මහතා නියම කර තිබෙනවා.

මඩවල ප්‍රදේශයේම පදිංචි මනුත්තුගේ දිනුෂා මල්කාන්ති නමැති සැකකාරිය මෙසේ රිමාන්ඩ් භාරයට පත් කර ඇති බවයි සදහන් වෙන්නේ.  සැකකාරියගේ සැමියා මාළු වෙළෙදාමේ නිරත වන
අයෙක්‌ බවත් සැකකාරිය අලුතින් සාදාගන්නා ලද මන්නා පිහියක්‌ද රැගෙන යතුරු පැදියෙන් තුවාලකාරිය පදිංචි බෝඩිම් කාමරයට ගොස්‌ සැමියාගේ අනියම් බිරිඳ යෑයි කියන කාන්තාවට මන්නා පිහියෙන් පහරදී ඇයගේ අතේ ඇඟිලි සහ කලවා ප්‍රදේශය ඇතුළු සිරුරේ ස්‌ථාන කිහිපයක්‌ කපා දැමීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ තුවාලකාරිය රෝහල්ගත කර ඇති බව පැමිණිල්ල මෙහෙයවමින් කටුනායක පොලිසියේ උ. පො. ප. ජිනප්‍රිය මුදන්නායක මහතා අධිකරණය හමුවේ පවසා තිබෙනවා.


gossip lanka