මත් වෙන්න පෙත්තක් අරන් පාසල් ආ සිසුවිය සිය යහළුවන්ට කල දේ

කටුගස්තොට නගරාසන්න මිශ්‍ර විදුහලකට අට වසර සිසුවියක තම යෙහෙළියන්ට ලබා දුන් බව කියන මත් ටොෆි කෑමෙන් රෝගී වූ සිසුවියන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කොට එම ටොෆි ලබා දුන් බව කියන සිසුවිය තම භාරයට ගත් බව කටුගස්තොට පොලිස් දූෂණ මර්දන අංශය පවසනවා.

විදුහලේ සිසුවියන් කිහිප දෙනෙකු අසිහියෙන් මෙන් සැරිසරමින් තම අත් පා කපා ගනිමින් සිටින බවට විදුහල් බලධාරින් කටුගස්තොට පොලීසියට පෙරේදා දහවල් කළ හදිසි දැනුම් දීමකට අනුව එහි ළඟා වූ
දූෂණ මර්දන නිලධාරීන් රෝගී වූ සිසුවියන් වහා කටුගස්තොට රජයේ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කොට එම මත් ටොෆි ලබා දුන් බව කියන සිසුවිය සැකපිට තම භාරයට ගත් බව එහි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පවසනවා.

පොලීසිය සැකපිට තම භාරයට ගත් අදාළ 13 හැවිරිදි සිසුවියගෙන් කළ ප්‍රශ්න කිරීමේදි එම මත් පෙති තමන් මෑතකදී හඳුනා ගත් සිය පෙම්වතාගෙන් ලැබුණු බව පවසා ඇති අතර ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.

කෙසේ වෙතත් පාතදුම්බර අධ්‍යාපන අධ්‍යක්ෂක මනෝජ් සෙනවිරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ යහපත් ගුණ ගරුක දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින් මත් උවදුර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් අධ්‍යාපන අමාත්‍යංශය හා පොලීසිය ඒකාබද්ධව ක්‍රියාවට නංවා ඇති බවයි.


gossip lanka