7 වසරේ දරුවාට බරපතළ ලිංගික අතවර කළ දහම් පාසලේ ප්‍රධාන ආචාර්යවරයාට වෙච්ච දේ

කළුතර නගරයේ පාසලක 7 වසරේ ඉගෙනුම ලබන 12 හැවිරිදි පිරිමි ළමයකුට බරපතළ ලිංගික අතවරයක්‌ සිදු කළ බව කියන දහම් පාසලක ප්‍රධාන ආචාර්යවරයකු උතුරු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 ගම්ගොඩ උදුපිටිගොඩ ප්‍රදේශයේ දහම් පාසලක උගන්වන බව කියන මෙම සැකකරු යුධ හමුදාවේන් සේවය කරන අයෙක්‌ වන අතර තවත් මාස කීපයකින් විශ්‍රාම යැමට නියමිත බව පොලිසිය කියයි.

 මෙම දරුවාව සැකකරු යතුරු පැදියක නංවාගෙන
පාළු ස්‌ථානයකට ගෙන ගොස්‌ අතවර කර ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

 කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති රන්මල් කොඩිතුවක්‌කු, කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී උපුල් නිල්මිණී ආරියරත්න, සහකාර පොලිස්‌ අධිකාරී කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත උතුරු කළුතර වැඩ බලන ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සංජීව විඡේවීර, අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක හර්ෂ කුමාර, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති උප. පොලිස්‌ පරීක්‍ෂක මහේස්‌ත්‍රාත් කොස්‌තාපල්වරුන් වන සුමින්ද (8628), වීරසිංහ (72919) සඳමාල් (10243) යන මහත්ම මහත්මීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

 සැකකරු කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.




gossip lanka