කළුතර පාලම අසළ මල් අලෙවි සැළක වෙළඳාමේ නිරතව සිටි කාන්තාවකට ඇයගේ ස්වාමි පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි වසන්තා මාලනී සිල්වා නමැති කාන්තාවක්.
පසුගියදා පස්වරුවේ සිදුවූ මෙම පහරදීමෙන් තුවාල ලබා සිටි කාන්තාව නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඇය මියගොස් ඇති බව සඳහන්.
මෙම ඝාතනය අනියම් සබඳතාවක් හේතුවෙන් සිදුකර ඇති බවට අනාවරණ වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ 46 හැවිරිදි සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
අනියම් පෙමක් නිසා කළුතර පාලම ලඟ මල් කඩේ හිටපු වසන්තාට ජීවිතයෙන් වන්දිගෙවන්න වූ හැටි
2018-11-19T22:13:00-08:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
slide|