"කරූ, ඔයා විල්සන් කරූ වෙන්න ගියොත් කම්කරු වේවි" ජන මහිමය වේදිකාවම හිනස්සපු රස කතා! (VIDEO)

එක්සත් ජනතා නිදහස් සංධානය මගින් නව රජයට සහය පළ කිරීමට සංවිධානය කළ "ජන මහිමය" රැළිය අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් ඊයේ දින (05) පැවැත්වුනා. මෙහිදි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වසර හතරකට පසු එකම වේදිකාවක සිටීමද කැපී පෙනුනා. මින් පෙර
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ නායකයන් සිය ජනතාව සමග රැස්වීමට එක්වුනා.

මෙහිදි අගමැතිවරයා සහ ජනපතිවරයා දෙදෙනාම ජනතාවට සහතිකයක් ලබා දෙමින් ප්‍රකාශ කළේ මෙම නව සංධානය බිඳ දැමීමට කිසිවෙකුට හෝ ඉඩ නොතබන ලෙසයි.

එහිදි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසූවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකට කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක්‌ උදා වූ නිසා අගමැති ධුරය කරු ජයසූරියට හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ට භාරගන්නා ලෙස තමා ඉල්ලීමක්‌ කළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ඒ සෑම අවස්‌ථාවකදීම නායකතුමා සමඟ හැප්පෙන්න බෑ කියා ඔවුන් අගමැති ධුරය ප්‍රතික්‌ෂේප කළ බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කටයුතු කිරීමට නොහැකිවීම හේතුවෙන් වඩාත් සුදුසුම පුද්ගලයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත් කළ බවත් මහින්ද රාජපක්‍ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාව පෙරළාගෙන යා හැකි අගමැතිවරයකු බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

පසුගිය කාලය තුළදී රට වෙනුවෙන් තීන්දු තීරණ ගත්තේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා නොවන බවත් එම තින්දු ගනු ලැබුවේ සමනල රැළක්‌ විසින් බවත් මෙහිදී කියා සිටි ජනාධිපතිවරයා ජනතා බලවේග එක්‌ක සෙල්ලම් නොකළ යුතු බව ද මෙහිදී කියා සිටියේය.

ජන මහිමය මහජන රැලියට එකතු වෙමින් හිටපු ජනපති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගත් තීන්දුව ඓතිහාසික බවයි. ඒ ගැන ගෞරව කරන බව ද මෙම එකතුව කේළාම්වලින් කැඩීමට ඉඩ නොදෙන බව ද අගමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

කිසි විටෙකත් ජනාධිපතිවරයා සමඟ වැඩ කිරීම අසීරු කටයුත්තක්‌ නොවන බවත් අතීතයේදී තමා හා ජනාධිපතිවරයා එක්‌ව කටයුතු කළ බවත් පැවසූ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා, නූපන් දරුවන්ගේ අයිතිය රැකගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා මෙම ඓතිහාසික තීන්දුව ගත් බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,

gossip lanka