"ඇතුලට එන්න දාහයි, ඕනෑම තරුණියක් තෝරා ඇය මිලට ගන්න අවස්‍ථාව"කඳානේ අමුතු සම්බාහන මධ්‍යස්ථානයේ ගණිකා ජාවාරම සිදු වූ හැටි!

ජා ඇල, කඳාන ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්‌ථාන මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාස පිළිබද පුවතක් වාර්තා වේ. ඒ එවැනි ව්‍යාජ සම්බාහ මධ්‍යස්ථාන තුනක්‌ වටලා ඒවායේ සේවය කළ කාන්තාවන් දොළොස්‌ දෙනකු සමග කළමනාකරුවන් දෙදෙනකු හා කළමනාකාරිනියක්‌ අත්අඩංගුවට ගැනීමට කැලණිය කොට්‌ඨාස අපරාධ
විමර්ශන ඒකකය සමත්වීමත් සමග ය.

එම සම්බාහන මධ්‍යස්‌ථාන තුනේදීම කාන්තාවන් හතර දෙනා බැගින් කාන්තාවන් දොළොස්‌ දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සම්බාහන මධ්‍යස්‌ථානවල සේවය කළ කාන්තාවන් ගම්පහ, දෙවලපොළ, මිනුවන්ගොඩ, බියගම, තඹුත්තේගම, පොලොන්නරුව හා රත්ගම යන ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර ඔවුන් වයස අවුරුදු 22 ක්‌ 38 ක්‌ අතර වේ.

එම කාන්තාවන්ගෙන් පහස ලබා ගැනීමට පැමිණෙන පුරුෂයන් රුපියල් එක්‌ දහස්‌ දෙසීයක මුදලක්‌ ගෙවා සම්බාහන මධ්‍යස්‌ථානවලට ඇතුළත් විය යුතු අතර ඉන්පසුව එම පිරිමින් විසින් තමන්ගේ කැමැත්ත මත තෝරා ගන්නා කාන්තාවන්ට ඔවුන් ඉල්ලන මුදල ගෙවිය යුතු වන්නේය. එම කාන්තාවට ඔවුන් උපයන මුදල ඔවුන්ටම හිමි වන අතර ඔවුන්ට සම්බාහන මධ්‍යස්‌ථානවලින් වැටුපක්‌ නොගෙවීම විශේෂත්වයකි.