gossip lanka

“මම කියපු දේ ජය ගත්තා ; බොහොම කණගාටුයි” - කුමාර වෙල්ගම

“මං කියපු දේ ජය ගත්තා කියලා බොහොම කණගාටුවෙන් කියනවා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා  ඊයේ (30) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කර තිබේ.

“බහුතරය නැතිව ආණ්ඩු කරන්න බැහැ කියලා ඔබ කිව්වා නේද?” යැයි මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදී ඊට පිළිතුරු දුන් ඇමැතිවරයා “මං කියපු දේ ජය ගත්තා කියලා බොහොම කණගාටුවෙන් කියනවා.”
යැයි ප්‍රකාශ කර ඇත.

මාධ්‍යවේදියා :- මොනවගේ සතුටක් ද තියෙන්නේ?

වෙල්ගම මහතා :- සතුටක් නැහැ කණගාටුවක් තියෙන්නේ.

මාධ්‍යවේදියා :- ඔබ කිව්ව දේ වෙන්න නේද හදන්නෙ?

වෙල්ගම මහතා :- බලමු.

මාධ්‍යවේදියා :- අද සිකුරාදා නේද? මොනවත් වෙයිද?

වෙල්ගම මහතා :- අද සිකුරාදා නේද? මොනවා හරි වෙන්න ඉඩ තියෙනවා.

(ලංකා ට්රුත් )

gossip lanka